7554 පරිගණක ක්‍රීඩාව

   කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්නත් බැරි වුණා.පහුගිය දවස් වල ගොඩක් කාර්ය බහුල වෙලා ඉඳිය නිසා.ඒ කොහොම උණත් අදත් ගොඩක් හොඳ ලිපියක් ගෙනාව.කලින් ලිපියෙ වගේම අදත් දෙන්න යන්න පස්ට ගේම් කෑල්ලක් ගැන.හොඳ විස්තරේකුත් ලිව්වා.කියවලම බලමුකො එහෙනම්..

  "වියට්නාමෙ නිදහස වෙනුවෙන් සටන් කළ හැකි පරිගණක ක්‍රීඩාවක් තමයි 7554 කියන්නෙ.මෙම ක්‍රීඩාවේදී වියට්නාමයට අයත් භූමි ප්‍රදේශය තුල ප්‍රංශ හමුදාව කඳවුරු බැඳ සිටියි.ප්‍රංශ හමුදාවන්ට විරුද්ධව මෙහි විරෝධතා අරගලයක් දියත් කරනු ලබයි.එය දෙපාර්ශවය අතර ඇති වන යුද්ධයක් දක්වා උඩු දුවයි.වර්ශ 1906 දි වියට්නාම ජනතාවාදී හමුදාව හා ප්‍රංශය අතර ඇතිවන මෙම යුද්ධය කෙළවර වන්නේ 1954 දීය.ප්‍රංශ හමුදාව පරාජයට පත්ව යටත් වී භාරවුයේ 1954 මැයි 7 වැනිදාය.7.5.54 යනු එදිනයි.මෙම ක්‍රියාවේදී පරිගණක ක්‍රීඩකයාව ක්‍රියා කරවීමට සිදුවන්නේ වියට්නාම ජනතා හමුදාවේ එක්තරා කුඩා හමුදා කණ්ඩායමක හමුදා සෙබලෙක් ලෙසය.ඔහුගේ කාර්යභාරය වන්නේ සැඟව පහර දෙමින් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් හැකිතරම් දුරට ප්‍රංශ හමුදාව  පසුබැස්ස වීමට දායකවීමයි."ඔන්න ඕක තමයි ගේම් එකේ වෙන්නෙ.

මේ ගේම් එක මැෂින් එකේ ගහන්න පුළුවන් අවම පහසුකම් තමයි මේ.

CPU-Pentium 4 3.0 Ghz
VGA-GeForce 8600 GT
RAM-2GB
OS-XP/7/Vista
DX9
HDD Space-8GB


එහෙනම් බාගෙනම බලන්නකෝ.ලිපිය ගැන ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න.ෆලොව් පාරකුත් දාන්න.එහෙනම් තවත් ලිපියක් ඉක්මනටම අරගෙන එන්නම්..