7554 පරිගණක ක්‍රීඩාව

   කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්නත් බැරි වුණා.පහුගිය දවස් වල ගොඩක් කාර්ය බහුල වෙලා ඉඳිය නිසා.ඒ කොහොම උණත් අදත් ගොඩක් හොඳ ලිපියක් ගෙනාව.කලින් ලිපියෙ වගේම අදත් දෙන්න යන්න පස්ට ගේම් කෑල්ලක් ගැන.හොඳ විස්තරේකුත් ලිව්වා.කියවලම බලමුකො එහෙනම්..

  "වියට්නාමෙ නිදහස වෙනුවෙන් සටන් කළ හැකි පරිගණක ක්‍රීඩාවක් තමයි 7554 කියන්නෙ.මෙම ක්‍රීඩාවේදී වියට්නාමයට අයත් භූමි ප්‍රදේශය තුල ප්‍රංශ හමුදාව කඳවුරු බැඳ සිටියි.ප්‍රංශ හමුදාවන්ට විරුද්ධව මෙහි විරෝධතා අරගලයක් දියත් කරනු ලබයි.එය දෙපාර්ශවය අතර ඇති වන යුද්ධයක් දක්වා උඩු දුවයි.වර්ශ 1906 දි වියට්නාම ජනතාවාදී හමුදාව හා ප්‍රංශය අතර ඇතිවන මෙම යුද්ධය කෙළවර වන්නේ 1954 දීය.ප්‍රංශ හමුදාව පරාජයට පත්ව යටත් වී භාරවුයේ 1954 මැයි 7 වැනිදාය.7.5.54 යනු එදිනයි.මෙම ක්‍රියාවේදී පරිගණක ක්‍රීඩකයාව ක්‍රියා කරවීමට සිදුවන්නේ වියට්නාම ජනතා හමුදාවේ එක්තරා කුඩා හමුදා කණ්ඩායමක හමුදා සෙබලෙක් ලෙසය.ඔහුගේ කාර්යභාරය වන්නේ සැඟව පහර දෙමින් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් හැකිතරම් දුරට ප්‍රංශ හමුදාව  පසුබැස්ස වීමට දායකවීමයි."ඔන්න ඕක තමයි ගේම් එකේ වෙන්නෙ.

මේ ගේම් එක මැෂින් එකේ ගහන්න පුළුවන් අවම පහසුකම් තමයි මේ.

CPU-Pentium 4 3.0 Ghz
VGA-GeForce 8600 GT
RAM-2GB
OS-XP/7/Vista
DX9
HDD Space-8GB


එහෙනම් බාගෙනම බලන්නකෝ.ලිපිය ගැන ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න.ෆලොව් පාරකුත් දාන්න.එහෙනම් තවත් ලිපියක් ඉක්මනටම අරගෙන එන්නම්..


Wrestling play කරමුද?


කොහොමද ඉතින් යාළුවනේ..!ටික දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා.ඉතින් ඔන්න අද මම අරගෙන ආවා මැක්සා ගේම් එකක්.මොකද ඉතින් අපේ අයට ගේම් කිව්වොත් වේලක් නොකා ඉන්න උණත් ලෑස්තිනේ.අන්න ඒ වගේ ගේම් පිපාසයෙන් ඉන්න අපේ මල්ලිලට ලොවෙත් නැති ගේම් එකක්[ලොවේ නැති උණාට මං ගාව තියෙනව]තමයි අද දෙන්නෙ.ඔයාල Wrestling[WWE] බලල තියෙනවද..ඔයාලට කියන්න මම WWE පිස්සෙක්.ටික කාලෙකට විතර ඉස්සර මට හම්බුනා WWE ගේම් එකක්.ඒ වෙලාවෙ මට play කරන්න ගේම් එකක් තිබ්බෙ නැති නිසා මම ඒක බාගෙන ගැහුවා.වැඩි කොලිටියක් තිබ්බෙ නෑ.හැබැයි මේ අවුරුද්දෙ මුල තමයි මට හොඳම WWE ගේම් එක හම්බුනේ.ඒ ගේම් එක හාත්පසින්ම වෙනස් ගේම් එකක්.ඔයා ඒ ගේම් එක play කරනකොට ඔයා ඇත්තටම Wrestling ගහන්න යනව වගේ තේරෙයි.[මට නම් දැනුනෙ එහෙමයි]හරි..හරි..මම දැන් කියන්නම් මොකක්ද මේ ගේම් එක කියල.

 මේකෙ නම WWE Smackdown vs RAW 2011.Wrestling ගැන දන්න කෙනෙකුට නම් අමුතු නමක් නෙමේ.මේ ගේම් එකේ Grapics ඉහළම තත්වයේ තියෙනවා.ඒ කියන්නෙ 3D ගොඩක් හොඳට හදල තියෙනවා.කොච්චර හොඳඳ කිව්වොත් මේ ගේම් එක Computer වල ගහන්නත් බෑ.අප්පේ...ඒක කිව්වම කට්ටිය  කියවන එක නත්තන්නත් හදනව...බය වෙණ්ඩ එපා..මේ ගේම් එක Computer එකේ ගහන හැටි මම කියල දෙන්නම්.පහළ තියෙන්නෙ Game trailer එක

ඕක ගහන්න පුළුවන් Playstation 2,Playstaion 3,XBOX 360,PSP වගේ ඒවැයි.මම කියල දෙන්නේ Computer එකේ ගහන්න විතරයි..හරි එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නෙ.

  •  මුලින්ම WWE SvR 2011 PS2.iso එක බාගන්න [Torrent}





  • ඊළඟට PCSX2 0.9.8 බාගෙන Install කරන්න
 {මෙම මෘදුකාංගය ක්‍රියා කරවීමට bios අවශ්‍ය වේ.මෙතනින් බාගෙන My Documents හී PCSX ලෙස සෑදී ඇති Folder හි Bios තුළ copy කරන්න.PCSX2 0.9.8 config සඳහා මේ Vedio එක බලන්න}


  •  බාගත්ත WWE Svr 2011 file එක exract කරගන්න. [RAR file එකක් හෝ iso file එකක් ලැබේ]
  • PCSX2 0.9.8 open කර CD/DVD සඳහා iso select කර ඔබ බාගත් iso file එක සොයා දෙන්න.
  • අවසානයේ Run CD/DVD දෙන්න.වෙනම Window වක ගේම් එක run වේ.
සැලකිය යුතුයි.

PCSX2 මෘදුකංගය හරහා play කිරීමට ඔබගේ පරිගණකයේ,
  • CPU Dual core 2.4 GHZ [ අඩුම]
  • 1 GB RAM [ අඩුම]
  • NVedia GeForce MX/800 128 MB Grapics card [Pixel Shader 2.0] [ අඩුම]
  • OS XP/7/Vista 
Screen Shots








නොදන්න PHP දන්න සිංහලෙන් ඉගෙනගමු | තුන්වන කොටස


ඔන්න යාළුවනේ PHP වල තුන්වෙනි ලිපියත් ලියල ඉවර කලා.ඉතින් අපි දෙවෙනි ලිපියෙන් කතා කලා වෙබ් එකේදී පී.එච්.පී ස්ක්‍රිප්ට් එකක් රන් වෙන්නෙ එච්.ටී.එම්.එල් පේජ් එකේ කරන යම් දෙයක් නිසා කියලා අර මම කිව්වෙ මේල් එක ගැන මතකද? ඉතින් අපි පලවෙනි වැඩේ විදියට පාසැලකට ශිෂ්‍යයින්ට පොඩි ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් හදන්න තීරණය කලා.. ඒකෙදි මම ඔයාලට එච්.ටී.එම්.එල් පේජ් හදන්න ඇඩෝබි ඩ්‍රීම්වීවර් මෘදුකාංගය භාවිතා කලා කවුරුහරි ඉන්නවා නම් නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරන එයාලට බ්ලූෆිෂ් කියලා මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන් මම කලින් ලිපියේදී කිව්වා කොම්පෝසා භාවිතා කරන්න කියලා අද කියන්නෙ බ්ලූෆිෂ් භාවිතා කරන්න කියලා. මම දන්නේ ඔයාලා කොතනද ඉන්නේ කියලා මාත් එකක් ඔයාලා හිටියොත් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.. මම දවසින් දවස අප්ඩේට් වෙද්දි ඔයාලා එක තැන පල් වෙන්න එපා. මම වගේ කරන්න පාන්දර තුනට විතර නිදාගෙන හයට නැගිලා ඩිවලොපර් කෙනෙක් කියන්නේ අන්න එහෙම චරිතයකට..

මම හිතනවා ඔයාලට මෙහෙම අවුලකුත් එන්න ඇති කියලා ඒ තමා වෑම්ප්සර්වර් එක අපි ඒක ඔපන් කලාම එන්නේ මෙහෙමයි.
දැනට ඔයාලගේ මේ යුවර් ප්‍රොජෙක්ට් වල කිසිම දෙයක් පේනන නැතිව ඇති.. මම මේ ලිපියේ මුල් හරි ලියන්නේ අමාරුයි කිව්ව පාඨකයන්ට මොකද ඔයාලා හැමෝම වෙනුවෙන් මට වගකීමක් තියෙනවා ඔයාලව යම් මට්ටමකට එනකල් මම ඔයාල වෙනුවෙන් ලියනවා. ඒක කරගන්න නම් මට ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වැදගත් වෙනවා.

ඉතින් ඔයාලගෙ යුවර් ප්‍රොජෙක්ට් ඇතුලෙ මුකුත් නැත්තං මොකද කරන්නේ අපි යනවා වැම්ප් සර්වර් ඉන්ස්ටෝල් කරපු තැනට

දැනට ඔයාලගේ මෙතන කිසිම ෆෝල්ඩර් එකක් පේන්න නෑ අර මම රතු කරලා තියෙන්නේ දැනට මා විසින් ආරම්භ කල ප්‍රොජෙක්ට් ඕකේ ඔකේ ඔකේ ඉතින් ඔයාලා දැන් ඔතන ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕන ඊළගට මොකෙක්හරි ගම්කබ්බෙක් අහයිද දන්නෑ ෆෝල්ඩර් එක හදන හැටි කියලා දෙන්න කියලා..

ඉතින් මම ක්‍රියේට් කරනවා ට්‍රික්ස්ලංකා කියලා ෆෝල්ඩර් එකක් කාට හරි මේක හදන්නේ කොතනද කියලා අවුලක් තියේ නම් මගේ ස්ක්‍රීන්ෂොට් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එක බලන්න.

මෙන්න මේ විදියට මම මගෙ ෆෝල්ඩර් එක ක්‍රියේට් කරගත්තා. දැන් යං වෑම්ප්සර්වර් එකට…
මෙන්න මම ක්‍රියේට් කරපු ෆෝල්ඩර් එක ඇවිත් තියෙනවා කවුරුහරි වෑම්ප් එක බ්‍රව්සර් එකෙන් ලෝඩ් කරලා තිබුණා නම් පේජ්එක රීප්‍රෙෂ් කරන්න.

දැන් මම ඩ්‍රීම්වීවර් වලින් අලුත් එච්.ටී.එම්.එල් පේජ් එකක් ක්‍රයේට් කරගන්නවා මම දැන්මම මේක සේව් කරගෙන තමයි වැඩේ පටන් ගන්නේ ඉතින් අපි අ‍පේ


එච්.ටී.එම්.එල් පේජ් එක සේව් කරන්න ඕන අර හදපු ෆෝල්ඩර් එක ඇතුලෙමයි ඔයාලත් ඒ විදියට ‍සේව් කරන්න්කෝ.. දැන් ඉතින් මම මගේ එච්.ටී.එම්.එල් පේජ් එක ක්‍රියේට් කරගන්නයි යන්නේ. අපි හදන පේජ් එක මම ගිය ලිපියෙ දාලා තිබුණා කවුරු හරි අවුලක නම් ඉන්නේ ගිහින් බලන්න. දෙවැනි ලිපිය. මම කිව්වා මුලින්ම ෆෝම් එකක් හදලා ඒක ඇතුලෙ තමයි අපි දාන්න ඕන ‍සේරම දාන්නෙ කියලා අපි අපේ ෆෝම් ඇක්ෂන් එක විදියට අපේ පී.එච්.පී පේජ්එක දුන්නොත් තමා පී.එච්.පී ස්ක්‍රිප්ට් එක රන් වෙන්නේ. හරිය ???….

ඔයාලාට ෆෝම් එක දාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මම මගෙ පී.එච්.පී එක ලියන්න පටන් ගන්නවා ඩ්‍රීම්වීවර් වලින් අලුත් පී.එච්.පී එකක් පටන් අරන් මම මුලින්ම ඒකේ ලෝඩ් වෙන ටෙක්ස්ට් සියල්ලම මකලා දානවා ඊට පස්සෙ පී.එච්.පී ස්ක්‍රිප්ට් එක පටන් අරගන්නවා ඊට පස්සෙ කමෙන්ට් ලයින් යූස් කරලා මම පොඩි පොඩි දේවල් ටිකක් ලියනවා මේ දේවල් ඩිවලොපර්ස්ලා කරන නිසාත් පරණ ලිපිය කියවලා කිසි ගේමක් නැතිව ගොඩ දාගත්තු යාළුවන්ට බෝරිං නොවෙන්නත් අලුත් දේවල් ටිකක් එකක් තමයි මම මේක ලියාගෙන යන්නෙ.. ඊට පස්සෙ මම රෙජිස්ට්‍රේෂන් සක්සස්පුලි කියලා එකෝ එකකුත් දාලා තියෙනවා. මේ සේරම තේරුම් ගන්න ඔයාට ස්ක්‍රීන්සොටකුත් දැම්මා මම.
දැන් මම කලින් කිව්ව විදියට එච්.ටී.එම්.එල් පේජ් එකට ඇක්ෂන් එක දෙන්න ඕන.


මම කලින් එකේදි වෙන නමකින්ද දන්නේ නැහැ මේ නම් කලේ කොහොම වුනත් මම මේ වෙලාවෙදි මගෙ පී.එච්.පී එක සේව් කලේ අර කොටු කරලා තියෙන නමින් ඔයාලා සේව් කරපු නම එතන්ට දෙන්න.
දැන් යං වෑම්ප් සර්වර් එකට ගිහිල්ලා මම යනවා ට්‍රික්ස්ලංකා කියලා මම හදපු ෆෝල්ඩර් එක ඇතුලට ඒක ඇතුලට ගියහම තියෙයි මෙන්න මේ විදියට අපේ ෆයිල් දෙක


ඕකෙන් එච්.ටී.එම්.එල් එක ඕපන් කරන්න අපේ බට්න් එක ක්ලික් කරලා බලන්න අපේ ස්ක්‍රිප්ට් එක රන් වෙයි..

හරිනෙ දැං තවත් අවුලක් තියේ නම් කමෙන්ට් එකක් දාලා යන්න අපි දැං තමයි අද පාඩම පටන් ගන්නෙ.
දැං මොකක්ද කරන්නේ අපි දැං සර්වර් එකත් එක්කනෙ වැඩ කරන්නෙ අපිට ඕන මෙයා රෙජිස්ටර් වෙන ඩේට් එක බලා ගන්න මුලින් අපි ඩේට් එක අපි අපේ යූසර්ට පෙන්නන්න ඕන ඔයාලා සයිට් වලට ගියාම දැකලා ඇති වෙලාව දාලා තියෙනවා ඒ දාන්නේ පී.එච්.පී එකක් යූස් කරලා.

ඩේට් එක දාන්න යූස් කරන්නෙ date කියන ලයිබ්රි ෆන්ෂන් එක මම මේ ලයිබ්රි ෆන්ෂන් එහෙමත් නැත්නම් ක්ලාස් ගැන මුලින් කිව්වා මට මතක විදියට. අපි ඕනම ලයිබ්රි ෆන්ෂන් එකක් කෝල් කරනකොට එයාට දෙන්න ඕන ඉන්පුට් තියෙනවා උදාහරණයක් විදියට අපි එකෝ කමාන්ඩ් එක යූස් කරද්දි අපිට එකේ විය යුත්තේ මොකක්ද කියලා දුන්නා.

date(‘H:i   jS F’);

ඉතින් මේ ඩේට් කමාන්ඩ් එකටත් අපි ඒ විදියට ඉන්පුට් දිය යුතුයි.

මම මුලින් දාලා තියෙන කමාන්ඩ් ඉන්පුට්ස් වලින් දිනය වේලාව සේරම එනවා. ඔයාට ඕන නම් ටයිම් එක විතරක් ඒකට date(‘H:i’); කියන ඉන්පුට් දෙක ප්‍රමාණවත් මේකේ H කියන්නෙ හවර් එක i කියන්නෙ මිනිට්ස් ඉංග්‍රීසියෙන් කියනවා නම් මිනිත්තු.

date(‘jS F’);අපි මේ විදියට දුන්නොත් අපිට දිනේ ගන්න පුළුවන් මේකෙ j කියන්නෙ දවස කවද්ද කියන එකයි S වලින් කියන්නෙ අර උඩ දාන්නේ අකුරු දෙකක් දිනවල‍ට අදාලව අන්න ඒක Fවලින් මාසය කවද්ද කියන එකත් පෙන්නනවා. දෙයක් කියන්න ඕන නැත්තම් තොපි ඇනගන්නවා ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයිලුනේ.. මේකේ ජේ අකුඑ සිම්පල් එස් අකුර කැපිටල් අනිත් ඒවා මොනවද කියලා පේනවා හොදට..









ඉතින් මේක රන් කරපුවාම බොහොම කැතට පේයි එක ගොඩේ රේන්ද පස්සෙ අල්ලමු කිව්වාට මෙතන්ට නම් බොත්තමක් අල්ලන්නම වෙනවා. පී.එච්.පී වල තියෙනවා එස්කේප් කැරැක්ටර් කියලා ජාතියක් හැම ලැන්වේජ් එකකම තියෙනවා නමුත් අපි කතා කරන්නේ පී.එච්.පී ගැනනේ.. . .

</br> තමා එක එස්කේප් කැරැක්ටර් දාන විදියක් අනිත් ඒවත් ඕන වෙන තැනක් තිබුනොත් කියලා දෙන්නම්.. ඉතින් මේ දැන් මම මගේ ස්ක්‍රිප්ට් එක රන් කලා ඩේට් එක නිකං දාලා වැඩේ වෙන්නේ නෑ කියලා ඒ කියන්නෙ ඩේට් එකට වේරියබල් එකක් ක්‍රියේට් කරන්න ඕන. මම මේක කියන්න ඕන නැත්තං ඔයාලා මොනා හිතයිද දන්නේ නෑනෙ මම මේක ලියන්නේ කලින් ලියලා බලලා වැඩ කරනවද බලලා නෙමෙයි අනිත් එක තමයි මට සමහර තැන් වල සින්ටැක්ස් එරස් එනවා ඒ මම ලැන්වෙජ් පහක් විතර පලෝව් කරමින් තමා ඉන්නේ නමුත් මම ඔයාලට වැරදෙන්න තියන්නේ නෑ හරිද… .. .

හරි අපි බලමු දැන් වේරියබල් හදන්නේ කොහොමද කියලා

$mad අපි ඕනම වේරියබල් එකක් හදද්දි මුලින් ඩොලර් මාක් එක දාන්න ඕන ඊටපස්සෙ අපේ වේරියබල් නේම් එක දෙනවා. මම හදලා තියෙන්නෙ වේරියබල් එකේ නේම් එක තමා මෑඩ් කියලා දාලා තියෙන්නෙ ඔයාලට කැමති කැමති නම් මේ වෙරියබල් වලට දාන්න පුළුවන්. දැන් කරන්නේ මම Your Registraion Successfuly කියන එක වේරියබල් එකක් විදියට අසයින්ග් කර ගන්නවා.



මොකද මම කරලා තියෙන්නේ අවුට්පුට් කියලා වේරියබල් එකක් හදලා ඒක සමාන කරලා තියෙනවා Your Registraion Successfuly කියලා..

දැන් අපි $output එක එකෝ කරමු.. මම මේ වේරියබල් කේස් එක කියලා දෙන්න පටන් ගත්තේ මට එරර් එකක් ආවා කියලනේ ඒ එරර් එක ආවෙ ඩේට් එකට, ඔයාලට එක පාර ඩේට් එක වේරියබල් එකට දාගන්න බැරිවෙයි කියලයි මුලින් පොඩි අදහසක් ගන්නයි මෙහෙම කලේ.




අපි මෙතනදි මතක තියාගන්න ඕන දෙයක් තමා වේරියබල් එකක් එකෝ කරද්දි ඩබල් කොටේෂන් නොදා එකෝ කරන්න. ඉතින් අපේ ඩේට් කමාන්ඩ් එකත් වේරියබල් එකකට සමාන කරලා අපි ඒක එකෝ කරගමු.

දැං ඉතින් මෙහෙම දැම්මට වැඩක් නෑ හරි කැතයි එක ගොඩේ නෙ පේන්නේ ඉතින් මම එස්කේප් කැරැක්ටර් යූස් කරනවා…





දැං පොඩ්ඩක් හොදයි දැං අපේ ඊළග වැඩේ මම අද ලියන ලිපියේ අන්තිම කොටස ඔයාලට කියන්න යන්නේ ඒ තමයි අපේ එච්.ටී.එම්.එල් පේජ් එකේ අපි දාපු ටෙක්ස්ට් ෆීල්ඩ් වලට යූසර් ඉන්පුට් කරන වැලියුව්ස් ටික අපේ පී.එච්.පී පේජ් එකට ගන්න එක මම ඔයාලට කිව්වා අපි දාන ටෙක්ස්ට් ෆීල්ඩ් වල නේම් එක එඩිට් කරගන්න කියලා ඒක කරන හැටි නොතේරුන කෙනෙක් ඉන්නවනම් මෙහෙමයි කරන්නෙ.



මේ තියෙන්නේ ප්‍රෙපටීස් පැලට් එක මම පෙන්වලා තියෙන එකට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් මතක තියාගන්න ඔයා මෙතනට දෙන නම තමා අපි පී.එච්.පී එකේදී යූස් කරන්න වෙන්නෙ.මේ මගේ නේම් කියන දීලා තියෙන නේම් එක එකින් එකට වෙනස් නේම් යූස් කරන්න ඕන නැත්තම් හොයාගන්න බෑනෙ.




මම පැහැදිලි කරන්නම් මම උඩ එකේදි කරලා තියෙන දේ. මම ඩේට් එකට පහලින් පේජ් බ්‍රේක් එකක් දාලා තියෙනවා. ඊට පස්සෙ මම $name කියලා වේරියබල් එකකට මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක වැලියුව් එක අරන් තියෙනවා අපි මේකෙදි $_POST කියන ලයිබ්රි ෆන්ෂන් එක යූස් කරලා තියෙනවා මේකට ඉන්පුට් එක විදියට අපිට අවශ්‍ය ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ නේම් එක දෙන්න ඕනා…






ඔයාලට පේනවා ඇති මම දෙන වැලියුව් එක ඇවිල්ලා තියනවා අපේ ස්ක්‍රිප්ට් එකට ඉතින් ඔයාලට පුළුවන් සේරම ටෙක්ස්ට් ‍ෆීල්ඩ් වල වැලියුව්ස් ගන්න බේක් දාලා යටට අරගෙන ලස්සන ස්ක්‍රිප්ට් එකක් ලියන්න.. මම ඒ ගැන අපේ පසු විපරමෙන් සාකච්චා කරමු දැනට මම යනවා.. යනවා නෙමේ නවතිනවා
                                                                                                                                  SM

නොදන්න PHP දන්න සිංහලෙන් ඉගෙනගමු | දෙවන කොටස


 ඉතින් කොහොමද යාළුවනේ අයුබෝවන් කියලා ඔයාලව මම පී.එච්.පී දෙවන ලිපියට පිළිගන්නවා..හුඟක් මහන්සි වෙලා ඔන්න දෙවෙනි ලිපියත් එලියට දැම්මා.ඉතින් මම හිතනවා මේ වෙනකොට ඔයාලා වෑම්ප්සර්වර් එකයි මයි.එස්.කිව්.එල් එකයි ඔයාලගේ කම්පියුටර්ස් වලට ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා.. කවුරුහරි ආවෙ මේ ලිපිය දැකලා නම් කරුණාවෙන් ඉල්ලා සිටිනවා පළමු ලිපිය කියවලා එන්න කියලා. හරි එහෙනම් දැන් බලමු අපි අද මොකද කරන්නේ කියලා.

අපිට පී.එච්.පී වලට අත තියන්න කලින් අර එච්.ටී.එම්.එල් කියලා භාෂාවක් තියෙන්නේ ඒක ටිකක් පුළුවන් වෙන්න ඕනා එහෙමයි කියලා මම එච්.ටී.එම්.එල් ලියන හැටි කියලා දෙන්නේ නම් නෑ. ඕනම කරන තැනක් තිබුනොත් මම කියලා දෙන්නම්. ඕන කරන තැන් තියනවා ඒ වෙලාවට ඒ ගැන කියන්නම්. බය වෙන්න එපා හැමෝටම එච්.ටී.එම්.එල් බෑ කියලා මම දන්නවා. දැන් අපි මේකට විසදුම මොකක්ද කියලා අපි බලමු. ඒ කියන්නෙ එච්.ටී.එම්.එල් බැරි එකට. මුල් දවස් ටිකේ මම ඔයාලට එච්.ටී.එම්.එල් බිල්ඩ් කරන ටූල් එකක් යූස් කරලා තමයි කියලා වැඩ කරන්න කියලා දෙනේනේ හැබැයි ටික දවසකින් මම මගේ සුපුරුදු කෝඩින් වලට යනවා.. මම මේක කිව්වෙ ඔයාලට වගකීමක් තියෙනවා කියලා කියන්නයි. ඒ වගකීම තමයි එච්.ටී.එම්.එල් නෝට් පෑඩ් එකේ හරි ඔයාලට ගහන්න පුළුවන් කර ගන්න එක..

දැන් බලමු මොකක්ද අපි මේකට යූස් කරන ටූල්ස් මොනවාද කියලා මේකට ඇඩෝබිලාගේ ටූල් එකක් තියෙනවා ඒ තමයි ඇඩෝබි ඩ්‍රීමි වීවර් කියන්නෙ මම දන්නවා සමහරු මහ ‍ලොකුවට ඇඩෝබි මාස්ටර් කලෙක්ෂන් එකම බාලා ඉන්ස්ටෝල් කරනවා එත් එක දවසක්වත් රන් කරපු නැති මේ ඩ්‍රීමි වීවර්ත් ඉන්ස්ටෝල් වෙනවා…. එතකොට ලිනක්ස් උඩ වැඩ කරන ඈයන්ට තියෙන ටූල් එක මොකක් ද කියලා ඒ තමයි කොම්පෝස කියන්නෙ කොම්පෝස්ට් නෙමෙයි යකුනේ කොම්පෝස.. දැන් මම දෙකේම ඉන්ටර්පේස් එක විස්තර කරන්නම් කොහොම හරි අද අපි පළවෙනි ස්ක්‍රිප්ට් එක ලියන්නත් ඕන….

 මේක තමා ඔයාලට ඩ්‍රීම්වීවර් වලදී එන වෙල්කම් එක අපි මෙතනින් ඕපන් කරන්න ඕනෙ HTML, PHP ප්‍රොජෙක්ට් හරි දැන් HTML එකක් ක්‍රියේට් කරගෙන ඇතුළට යමු..
 ඔයාලා එහෙම ඇතුළට ගියාම එන්නෙ මේ වගේ ඉන්ටර්පේස් එකක්.. ඒකත් විස්තර කරන්නම්කෝ වදේ වෙලාවකට නිකං පිස්සු වගේ… මම ආසම කොම්පියුටර් වලට, හැබැයි මට තවත් හොදට පුළුවන් ඇන්කර් වන් + ඔයාලත් බොන්න මොනවදෝ විටමින් අඩංගු..
 මෙහෙම තමා පේන්නෙ මෙහෙම බැරි වෙලාවක් හරි පෙනුනෙ නැත්තම් බලමු..

අපිට වැදගත් වෙන වෙන පලට් තමයි මෙන්න මේවා ඉන්සර්ට්,ප්‍රොපටීස්, දැනට මෙච්චරයි ඉස්සරහටත් මෙච්චර තමයි.. ආ මේවා ඕපන් වෙලා තිබුනෙ නැත්තම් මෙනු කමාන්ඩ් වල වි‍න්ඩෝස් වල තමයි තයෙන්නෙ .. එතන තිබුනෙ නැත්තම් ඉතින් මම නම් දන්නේ නෑ…

ඔයාලා ඩිපෝල්ට් ලෝඩ් වෙලා ඇත්තෙ ස්පිලිට් විව් එකට ඒකෙ අපිට කෝඩ්ස් ඇන්ඩ් ඩිසයින් දෙකම පෙන්නනවා ඒක ගැන කිව්වම අනිත් දෙක තේර්ම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා..

දැන් අපි අපේ පලවෙනි වැඩේ පටන් ගමු දෙයියනේ කියලා..


මේකයි අපේ පලවෙනි වැඩේ මොකක්ද දන්නවද අපි කවුරුත් ඉස්කෝලේ ගිහින් තියෙනවා නේද?  අපි හදමු මේ ඉස්කෝලෙ ළමයින්ට රෙජිස්ටර් වෙන්න ලොග් වෙන්න පොඩි ඇපිලිකේෂන් එකක් පොඩි කිව්වට පොඩි නෑ වැඩේට ටිකක් කට්ට කන්න වෙනවා..

මෙහෙම තමයි බ්‍රව්සර් එකේදී ඕපන් වෙන්නෙ අපේ ඇප් එක..
 ඉන්සර්ට් පැලට් එකෙන් තමයි මේවා දාගෙන තියෙන්නෙ ඊට අමතරට මම මේක සේව් කරලා තියන්නෙ WWW ෆෝල්ඩර් එක ඇතුලේ ඒක තියෙන්නෙ කොතනද කියලා පළවෙනි ලිපියෙන් කිව්වා මතක ඇතිනේ..

 දැන් බලමු මේ පේජ් එක හදාගන්නේ කොහොමද කියලා.. මුලින්ම ඔයාලා ඩිසයින් විව් එකට යන්න අපි මේකට PHP එකක් එම්බඩ් කරන්න බලාපොරොත්තු වෙන නිසා මුලින්ම ෆෝම් එකක් දාන්න ඕන ඒ ‍ෆෝම් එක ඇතුලෙ තමයි PHP මොකක් හරි සම්බන්ධයක් තියෙන ඒවා සේරම දාන්න ඕන.
 බලන්න මුලින්ම මෙතන ඔයාලගෙ ඇක්ටිව් වෙලා තියෙන්නෙ කියලා වෙන එකක් නම් තියෙන්නෙ ඕක උඩ කිලික් කරලා ෆෝර්ම්ස් වලට මාරු වෙන්න ෆෝර්ම් එක දාගත්තට පස්සෙ ඒකෙ මොඩිපිකේෂන් කරන්න තියෙනවා මම ඒකයි කිව්වෙ HTML ඕන කියලා.. එහෙම නැතුවත් පුළුවන් හැබැයි සීමා සහිතයි..








 මේ තියෙන්නෙ ප්‍රොපටීස් පැලට් එක… මෙතන අපිට වැදගත් වෙන්නෙ ඇක්ෂන් කියන එකයි මෙතඩ් කියන එකයි

 මෙතඩ් එක පෝස්ට් මෙතඩ් එක තමයි යූස් කරන්නෙ ඒකට හේතුවත් කියලාම දාන්නම් අපි මෙතනදි ගෙට් මෙතඩ් එක යුස් කලොත් එඩ්ඩ්‍රස්  බාර් එකේ අපි ගහපු සේරම පේනවා එහෙම බෑනෙ පාස්වර්ඩ් එකක් ගැහුවොත් ඒක පෙනිලා හරියන්නෙ නෑනෙ.. තාම අපි පාස්වර්ඩ් දාන්න මේ ඇප් එකේ බලාපොරොත්තු වෙන්නෙ නෑ ඩේටා බේස් එකට ඉන්සර්ට් එකෙන් පස්සෙ අපි පාස්වර්ඩ් දාමු.. තව එකක් තමයි ගෙට් එකේදි වෙන කෝඩින් සිස්ටම් එකක් තියෙන්නෙ අපි ඉමේජ් අප්ලෝඩ් කරද්දි යූස් කරන්නෙ මේ ගෙට් මෙතඩ් එක.. අපි මුලින්ම අවශ්‍ය මූලික දේවල් ටික හදාගමු අන්තිමට රේන්ද අල්ලලා පටි දාලා ලස්සන කර ගමු. ලස්සන… කර ගමු.

 මම උඩින්ම දාලා තියෙන Register Here කියන එක දාලා තියෙන්නෙ <h1> ටැග් එකෙන් ඒක දාන්නෙ මෙහෙමයි යන්න කෝඩ් විව් එකට ෆෝම් එකට උඩින් <h1> Register Here </h1> කියලා ටයිප් කරලා දාගන්න, පාට දාගන්න හැටි පස්සේ කියන්නම්.. මේක කොපි පේස්ට් කරන්නෙ එහෙම නෑ..

 දැන් දා ගමු ටේබල් එකක් ටේබල් එක ඇතුලෙ තමයි දාන්න ඕන ඒවා දාන්න ඕන.. ටේබල් එක දාන්නේ ෆෝම් එක ඇතුලේ හරිද?

 ටේබල් එක තියෙන්නෙ ඉන්සර්ට් පැලට් එකේ Layout වල… ඒක උඩ ක්ලික් කලාම එයි ඩයලොග් බොක්ස් එකක්
 ඒකෙ දෙන්න කොලම්ස් ඇන්ඩ්ස් රෝව්ස් ගාන කොලම්ස් කියන්නෙ එක්ස් අක්ෂය දිගේ යන ඒවා අපේ වැඩේට මේවා දෙකක් ඕන රෝස්ව්ස් හයකුත් ඕන. ඒ විතරක් නෙමෙයි විඩ්ත් එකත් දෙන්න දැනට 200 ක් විතර දෙන්න පස්සෙ ඕන වුනොත් වෙනස් කරමු.. දැන් ටේබල් එකක් ඇඩ් වෙලා ඇති මුලින්ම අපි මේකෙ බෝඩර් එක අහක් කර ගමු ඒකට ප්‍රොපටීස් පැලට් එකේ බෝඩර් 0 කියලා දෙන්න.. දැන් ඉතින් මුලින්ම දකුණු පැත්තේ තියන නම, ලිපිනය කියන ඒවා ටික දාමු දාන්නෙ මෙහෙමයි.. ටේබල් එකේ සෙල් එකෙන් සෙල් එකට ගිහින් ඉන්සර්ට් කරන්න.. දැන් අනිත් පැත්තෙ තියන ඩේටා ඉන්සර්ට් කරන ටෙක්ස්ට් පීල්ඩ් දාම් ටෙක්ස්ට් පිල්ඩ් තියෙන්නෙත් ඉන්සර්ට් පැලට් එකේමයි හොයාගන්නකෝ ඒක ඔයාම . . ආයෙ මම කිසිම දෙයක් තියෙන තැන කියන්නෙ නෑ දේ මොකක්ද කියලා විතරයි කියන්නෙ පාර පෙන්නුවා දැන් යන්න අතින් අල්ලන් දිගටම යන්න බෑ මට එහෙම වුනොත් ඔයා ඉගෙන ගන්නෙත් නෑ මගෙ මහන්සියෙන් වැඩකුත් නෑ.. අනික තමා මට අතින් අල්ලන් යන්න වෙන අය ඉන්නවා අයෙක් නෙමේ අය..

 ටෙක්ස්ට් පීල්ඩ් සෙට් එක දාගත්තයි කියලා හිතමුකෝ මේකෙත් තියෙනවා මොඩිපිකේෂන් එකක්.. යන්න කෝඩ් එකට ටෙක්ස්ට් පීල්ඩ් එකේ නේම් එක එඩිට් කරන්න. අපේ ලේසියට මෙන්න මේ වගේ ‍ටෙක්ස්ට් පීල්ඩ් නේම් යූස් කරනවා මෙන්න මේ විදියට (txtname, txtaddress  ) txt කියන්නෙ ටෙක්ස්ට් කියන එක Button එකක් නම්  btn  කියලා යූස් කරනවා. මම එඩිට් කලාට පස්සෙ එන්න ඕන විදිහ දාන්නම් එකක් එඩිට් කරලා ඇවිත් බලන්න ප්‍රොපටීස් පැලට් එකේ මොකක් හරි තැනක මොඩිපිකේෂන්ස් එකක් වෙලා තියෙනවද කියලා අපි දුන්න ටෙක්ස්ට් පීල්ඩ් නේම් එකට සමාන..

<input type=”text” name=”txtname” id=”textfield” />


තව කරන්න ඕන මොඩිපිකේෂන් තියෙනවා ඒ තමයි Char width, Max Chars කියන දෙක Char width කියන්නෙ අපි ටෙක්ස්ට් පීල්ඩ් එකේ ‍එන්ටර් කරන අකුරු කීයක් එක පාර යූසර්ට පෙන්නනවාද කියන එක තමයි ඒකෙන් තීරනය වෙන්නෙ.. Max Chars කියන්නෙ යූසර්ට කොච්චර අකුරු ගානක් එන්ටර් කරන්න දෙනවාද කියන එකයි..

අවසන් දැනුමු දීම අපි ඉන්සර්ට් කරන හැම දේකම මොඩිපිකේෂන් තියෙන්නෙ ප්‍රොපටීස් පැලට් එකේ..

තව බට්න් එකක් එකක් දාන්න එපැයි ඒක දාලා ඒකෙ වැලියුව් එක චේන්ජ් කරන්න අපිට පේන්න ඕන විදිහට පේන්න ඕන Register කියලා.. ඇක්ෂන් එක submit..

හරි දැන් PHP එක ලියන්න පටන් ගමු.. නිව් ෆයිල් එකක් ගමු file>new කියලා මෙනු කමාන්ඩ් යූස් කරන්න නැත්තන් සුපුරුදු ෂෝට් කට් එක  ctrl+N ගහන්න.. එතනින් PHP තෝරන්න අපිට ඕන PHP එකක්නේ…

මුලින්ම බලමු PHP එකක් පටන් ගන්නේ කොහොමද කියලා දැන් මම ලිපිය ඉවර කරන්න හිතලා තියෙන්නෙ මම මගේ මැෂින් එකට ඒ කියන්නෙ ඇගට ලිනක්ස් තමයි දැගෙන ඉන්නෙ මම කිසි දෙයක් ලියන්නෙ පෙර සංස්කරණයකින් තොරවයි ඒ විතරක් නෙමේ ආයෙ කියවන්නෙත් නෑ.. මම හිතට එන දේ ලියන එක තමයි කරන්නෙ..

අපි HTML එකක් ලියන්න පටන්‍ ගන්නෙ මෙහෙමනේ <HTML>

ඒ විතරක් නෙමෙයිනේ ඒක ඉවර කරන විදිහකුත් තියෙනවනේ ඒ තමයි මෙහෙම </HTML>

මේක ඇතුලෙනේ දාන්න ඕන හැම ලබ්බම දාන්නේ..

 PHP එහෙමම තමයි පටන් ගන්න ඉවර කරන්න විදියක් තියෙනවා.. විදියක් කිව්වට දෙක තුනක්ම කියනවා ඒක ස්ටයිල් එක අනුව වෙනස් වෙනවා.. අපි භාවිතා කරන්නේ PHP ස්ක්‍රිප්ට් එකක් ලියන ප්‍රධාන ක්‍රමය ලෝකෙ ගොඩක් ඩිවලොපර්ස් ලියන ක්‍රමය…

 <?php මෙහෙමයි පටන් ගන්නේ අපි ඩ්‍රීම්වීවර් වලින් PHP එකක් ඕපන් කලාම එනවා කෝඩ් සෙට් එකක් ඒවා සේරම මකලා තමයි මේක ලියන්න පටන් ගන්න ඕන.. <?php කියන ටැග් එක දාද්දි මේක අතර ස්පේස් තියන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ වගකීමක් කියලා සිහිපත් කරනවා.. මම කියන්නෙ මම කරපු වැරදි මම PHP මේ මට්ටමට එන්න පට්ට කට්ටයක් කෑවා අපිට එරර් එකක් ආවාම ඒක විසදගන්න හැටි කියලදෙන්න කවුරුත් හිටියේ නෑ. නමුත් මම ඔයාලට එහෙම වෙන්න දෙන්නේ නෑ ඒ නිසා ඔයාලට එරර් එකක් ආවොත් හරි මොකක් හරි දෙයක් දැන ගන්න තිබුනොත් කමෙන්ට් එකක් දාන්න ඒක මගෙ එෆ්.බී පේජ් එකේවත් මොනයම් හෝ ක්‍රමයකින් මගෙන් පෞද්ගලිකව අහන්න එයා. මොකද ඒ අවුල තවත් යාළුවෙකුට එන්න පුළුවන්…

දැන් බලමු PHP එක ඉවර කරන හැටි.. මෙහෙම තමයි ඉවර කරන්නෙ අපේ ස්ක්‍රිප්ට් එක ?>

හරි අපි ඩිවලොපර්ස් කෙනෙක් ලියන පලවෙනි සරලම ස්ක්‍රිප්ට එක ලියමු..

 මේකයි වෙන්න ඕන මම රෙජිස්ටර් බට්න් එක ක්ලික් කලාම මට පෙන්නන්න ඕන යූසර්ට registration Successfully කියලා එහෙනම් වැඩේ දෙමු මම මේක ඉවර කරන්න හිතුවෙ කොයි වෙලාවෙද තාම ලියනවා අප්පා..

 අපි බලමු මොකක් හරි අපිට ඕන දෙයක් PHP පේජ් එකේ පෙන්නන්න භාවිතා කරන ෆන්ෂන් එක මොකක්ද කියලා නිකන් ෆන්ෂන් නෙමේ ලයිබ්රි ෆන්ෂන් හොදද. මේවා තියෙන්නෙ PHP සර්වර් එකේ.. අපි ස්ක්‍රිප්ට් එක රන් කලාම අපි ලියන ෆන්ෂන් එකට අදාල ලයිබ්රිය කෝල් වෙනවා ඊට පස්සෙ එකේ තියෙන දේට අදාල දේ වෙනවා..

 මේකයි අපි යූස් කරන පලවෙන් ලයිබ්රි ෆන්ෂන් එක ඒ තමයි echo කියන ෆන්ෂන් එක මේකට අපි වැලියුවු එකක් පාස් කරන්න ඕන මොකද මේකට මයින්ඩ් රීඩ් කරන්න බෑ අපි හිතන පෙන්නන්න එහෙම වුනා නම් තමුසෙලා මොන මොනවා හිතයිද??

 ලියමු එහෙනම්..

 <?php

 echo “registration Successfully”;


?>
හරි මේක ලියද්දිත් ඔයාලට එරර් එනවා එන්නෙ මොනවද කියල කියන්නම් එතකොට වැඩේ ලේසියි..

 අපිට එකෝ වෙන්න ඕන දේ දෙන්න ඕන ඩබල් කොටේෂන් ඇතුලෙ තව දෙයක් තමයි අගට සෙමි කෝලන් දාන්නත් ඕන..

 දැන් මේක සේව් කරමු සේවි කරන්න register.php එක්ස්ටෙන්ෂන් එකෙන් www එක ඇතුලෙ ෆෝල්ඩර් එකක් හදලා ඒකෙ සේව් කරන්න මට කියන්න අමතක වුණා කියන්න අපේ එච්.ටී.එම්.එල් ෆය්ල් එකත් ඒක ඇතුලට දාන්න හරිද? සමාවෙන්න ඕන වැඩ කරන මිනිස්සු අතින්නෙ වැරදි සිද්ධ වෙන්නෙ  සේව් කරලා යන්න එච්.ටී.එම්.එල් පේජ් එකට ඒකෙ action එකට අපේ  php ෆයිල් එකේ නම දෙන්න (register.php). දැන් ඉතින් රන් කරලා බලන්න.රන් කරන්න වෑම්ප් එක රන් කරලා ගියාම තියෙයි ඔයා හදපු ෆෝල්ඩර් එක තියෙයි ඒක ඇතුලෙ ඒකෙ එච්.ටී.එම්.එල් එක රන් කරලා බලන්න…

 මගේ නම් වැඩ ඔයාලගේත් වැඩ ඇති..

 නොදන්න Php දන්න සිංහලෙන් උගනිමු දෙවෙනි කොටස…

 නොදන්න Php දන්න සිංහලෙන් උගනිමු පළවෙනි කොටස කියෙවව්වද..  රැදී සිටින්න

 මීළග කෑල්ල තවත් රසවත් සුදු ඇපල් නෙමේ මොනාද එහෙනම් Php පැකට් එක කඩලා ඉවරයි දැන් තියෙන්නෙ රස බලන්න..

 උදව්වක් විදියට කමෙන්ට් එකක් දාන්න.බ්ලොග් එක තාමත් ෆලෝව් කළේ නැත්නම් දැන්ම ෆලෝව් කරල දාන්න.එහෙනම් SM ගියා.තුන්වෙනි ලිපියත් ඉක්මනට දාන්නම්.

නොදන්න PHP දන්න සිංහලෙන් ඉගෙනගමු | පළමු කොටස

 

හොඳයි අද මම කියන්නෙ ඉතාමත් වටිනා දෙයක් ගැන.කොච්චර අහල තිබුණත් මොකෝ මේ php සම්පුර්ණයෙන් ඉගෙනගත්ත ජීනියස් කෙනෙක් මේ ලංකාවෙ ඉඳී කියල මම නම් හිතන්නෑ.දැන් එහෙනම් වැඩේට බහිමු.මේක ටිකක් ලොකු වැඩක්.ඒ හින්ද කලබල නැතුව පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගමු.

 හා හා පුරා කියලා අපි බලමු මොකක්ද මේ php කියන්නෙ කියලා ?

Php කියන්නෙ server side Scripting Language එකක් තව භාෂාවන් තියෙනවා නමුත් හොදම ගොඩක් දෙනා භාවිතා කරන්නෙ මේ පී.එච්.පී කියන භාෂාවයි. අපි බලමු මේකෙ ප්‍රයෝජන මොනවාද කියලා මම උදාහරණයක් කියන්නම් එතකොට ලේසියෙන් ඉක්මනින් මේක අවබෝධ කර ගන්න ඔයාලට පුලුවන් වෙයි.

ඔයාලා අපි හැමෝම mail Account හදලා තියෙනවානේ. අපි mail Account හදද්දි අපෙන් ගොඩක් දේවල් අහනවානේ නේද? නම ගම ලෝකෙ නැති හැම දේම අහනවා ඔයාලා නිකමටවත් හිතලා බැලුවද මේවා මොකටද මේ අහන්නේ කියලා. ඒ අහන්නේ අපිව හදුනගන්න ආයේ Log වෙනකොට. වෙන විදියකට කියනවා නම් අපේම කියලා මේල් ඉඩක් හදලා දෙන්න තමයි මේවා අහන්නෙ. මේ අපි එන්ටර් කරන අපේ විස්තර එයාලා ගන්නෙ කොහොමද අන්න එතනදී….  Php භාවිතා කරනවා. පස්සේ අපි ලොග් වෙනකොටත් Php යූස් කරනවා හැබැයි එතනදී ලොජික් එක වෙනස්.. වෙන්නෙ මේකයි අපි දෙන යූසර් නේම් පාස්වර්ඩ් දැන් server එකේ තියෙන වැලියුව් එකත් එක්ක true වෙනවාද කියලා තමයි එතනදී බලන්නේ.

 ඉහත උදාහරණයේ වෙන දේවල් ටික අපිට කරගන්න නම් අපිට මෙන්න මේ දේවල් ටික ඕන ‍වෙනවා. මුලින්ම අපිට  server එකක් ඕන වෙනවා මේක දැකක් ගමන් කට්ටිය හිතයිද  දන්නේ නෑ.. මදැයි Php කියලා එකක් ඉගෙන ගන්න අවා දැන් මේකා කියනවා server එකක් ඕනා කියලා දැන් Domain එකක් Purchase කරපන්කෝ.. එහෙම ඕන නැහැ දැනට අපි අපේම කොම්පියුටරේ server එක දාගමු මම නම් යූස් කරන්නේ wampserver වෙන එකක් ඕන නම් Client side server කියලා ජූගල් එකේ සර්ච් එකක් දාන්න.

වට් ඊස් wampserver ?

 Wampserver කියන්නෙ Free & Open Source Software එකක්. මේකේ Php,MySQL,Apache servers ඔක්කොම ටික දාලා තියෙනවා.. මේවා මොනාද කියලා මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්කෝ.Wampserver එක දාගෙන විතරක් බෑ අපිට ‍ඩේටා බේස් එකක් හදාගන්නත් වෙනවා. Wampserver එකත් එකක් මේ ඩේටා බේස් server එකත් ඉන්ස්ටෝල් වෙනවා. ඒක තමයි MySQL කියන්නේ.

මොකක්ද මේ MySQL කියන්නේ ?

 මම හිතන්නේ MySQL කියන්නේ Free & Open Source Software එකක් කියලා මම පස්සෙ කාලෙක දැනගත්තා මම හිතන් ඉන්න විදිහ හරි කියලා. ගොඩක් වෙලාවට Wampserver එකත් එක්ක MySQL latest Version එක එන්නේ නෑ. ඒ නිසා අපි කරන්නෙ MySQL වෙනමම දානවා. මොකද ‍ MySQL වල බග්ස් තියනවා හැබැයි ඉක්ටනටම ඒවා solve කරලා patches release කරනවා. බග්ස් මොනවද කියලා නම් මගෙන් අහන්න එපා හොයලා බලන්න.

කොහොමද මගේSQL දාගන්නේ කියලා බලමු ?

 දාගන්න කලින් අපි බලමු මේවා කොහෙද තියෙන්නෙ කියලා.. ගෙදර අල්මාරියේ, හන්දියේ කඩේ නෑ.. නෑ ඒවාගේ MySQL නෑ. තියෙන්නේ ඉන්ද්‍රජාලයේ. ඔයාලට පුළුවන් MySQL හෝම්පේජ් එකට ගිහින් මේක බාගන්න. හැබැයි ලියාපදිංචි වෙන්න ඕන ඒ ලියාපදිංචි වෙන්නේ එයාලා අලුත් වර්ෂන් එකක් එළියට දැම්මහම අපිට මේල් කරනන්. නැතුව සල්ලි ගන්න වැඩකට නෙමෙයි. Register වෙන්නෙ නැතුව ගන්න නම් මේ සයිට්  එකට යන්න. මතක තියා ගන්න අලුත්ම වර්ෂන් එක ගන්න.(MySQL 5.5.25a) ClickHere

 නෙක්ස්ට් බටන් එකේ ක්ලික් කරන්නකියලා කියන්න ඕනෙ නෑනෙ නේද ?

 ටික් එක දාලා නෙක්ස්ට් කරන්න. කවුරුහරි කියයි මූ මවුස් ක්ලික් එකෙන් එක     කියනවා කියලා. මම දෙක තුනක් පාස් කරලා ස්ක්‍රීන් ෂොට් එක දැම්මොත් පොඩ්ඩක්  හරි කාට හරි අවුල් වුනොත් මගේ මහන්සිය වතුරේ.. හද දිහා බලලා ගලක් ගහන්න  අඩුම තරමේ ඒක හදට නොවැදුනත් වළාකුලකට හරි වදියි.


Typical තෝරන්න….
 

නෙක්ස්ට් කරන්න තව එකක් එයි ඒකත් නෙක්ස්ට් කරන්න.

ලොන්ච් එකට ටික් එක දාලා පිනිෂ් කොරන්ඩෝ…………. ඊට  පස්සේ තමා නියම ඉන්ස්ටෝල් එක එන්නෙ… ඉන්ස්ටෝල් කිව්වට ‍ඉන්ස්ටෝල් එකක් නෙමේ කන්ෆිග‍ර්රේෂන් විසාර්ඩ් එක තමයි එන්නේ. දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා මහ දෙයක් නෑ…

නෙක්ස්ට් කරන්න තව එකක් එයි මුකුත් වෙනස් නොකරම නෙක්ස්ට් කරන්න..

මෙතනින් ඩිවලොපර් මැෂින් කියන එක තෝරගන්න. ඩිවලොපර් කියද්දි ඇගට පොඩි මෙව්වා එකක් එනවා නේද මට නම් එනවා ඔයාලටත් එනවා ඇති කියලා හිතනවා..ඔයාලා කවදාහරි දවසක ඔයාලගේ සර්වර් එකකට MySQL දානවා නම් Server Machine තමා සිලෙක්ට් කරන්න ඕන…

Multifunctional Database කියලා තෝරන්න. ටිකක් කියන්නම්  Multifunctional කියන්නෙ දත්ත දාන්න. මකන්න. අප්ඩේට් කරන්න හැම දේම. පුලුවන්…ආයෙ දෙපාරක් නෙක්ස්ට් යන්න…

මේ තියෙන්නේ අර පෝර්ට් සීන් එක 3306 තමා දෙන්න ඕන..
ආයෙ දෙපාරක් නෙක්ස්ට් කරන්න..

මෙතන්ට පාස්වර්ඩ් දෙන්ඩ දීලා මතක තියා ගන්න නැත්තම් ලොග් වෙන්න බෑ.. දීලා නෙක්ස්ට් කරන්න.
ඊලගට එන වින්ඩෝ එකෙන් Execute තෝරන්න..

හැව් නයිස් වෙරි නයිස් ඔයාලටත් මෙහෙමම වැඩේ ගොඩ යයි. ගොඩ ගියේ නැත්තම් ම‍ගේ උපදෙස් අනුව ක්‍රියා කරලා නෑ.. මගෙ උපදෙසුත් ක්‍රියා කරලා වැඩේ වෙන්නෙ නැත්නම් කියන්න…. ආ පිනිෂ් ක්ලික් කරන්න…

දැන් බලන්න මේක ඉන්ස්ටෝල් වෙලා ඇති… රන් කරලා බලමු…

මෙන්න මෙහෙම බොහොම ලක්සන CLI එකක් එයි. ගහන්න අර දුන්නු රූට් පාස්වර්ඩ් එක.. සමහරුන්ට දෙන්න අමතක වෙලාද දන්නෙ නෑ එහෙනම් ඉතින් එන්ටර් බොත්තම මිරිකන්ඩකෝ….
දැන් එයි ඔයාලගෙ වර්ෂන් ඒවා මේවා ගැන විස්තරයක්. මම ඔයාලට MySql නම් කියලා දෙන්නෙ නෑ මොකද මේ කමාන්ඩ් ලයින් එකේ වැඩ කරන්ඩ පට්ට අමාරුයි.. ඔයාලට පස්සෙ ඕන කියලා හිතුනොත් MySql කමාන්ඩ් ලයින් එකෙන් වැඩ කරන්ඩ අවුලක් නෑ මම කියලා දෙන්නම්. දැන් අපි දාමු WampServer එක ඒක දාද්දිත් අර මම කියපුවා සේරම ක්ලෝස් කරලා දාන්න ඕනා…
මුලින්ම මේකට ගිහින් WampServer බාගන්න…  ClickHere
ඔයාලගේ ප්‍රොසෙසර් බෑන්ඩ්විඩ්ත් එකට හරියන WampServer එක බාගන්න


දැන් දාමු නේද.. මම කිව්වේ WampServer එක..

මේක තමා සෙටප් ‍එකේ වෙල්කම් එක දකුණු පැත්තෙ යට තියෙයි ඔයාලගෙ සර්වර් වර්ෂන්ස් ටික.. ඔව් ඔව් ඉතින් මම ලග පරන එකක් තමයි තියෙන්නෙ මම මේ වැඩ වලට වැඩිය වින්ඩෝස් යූස් කරන්නෙ නෑ ලිනක්ස් උඩ තමයි මම ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ.. ඒ නිසා ලිනක්ස් යාලුවෝ ඉන්නවා නම් අහන්න ඕනා මගෙන් කොහොමද කරන්නෙ කියලා..
නෙක්ස්ට් කලාම එන වින්ඩෝ එකෙන් Accept කරලා නෙක්ස්ට් කරන්න.

මේකත් මේ විදියටම තියලා නෙක්ස්ට් කරන්න කැමති නම් වෙන තැනක් දුන්නා කියලා කිසි අවුලක් නෑ….
ඊට පස්සෙ අහයි ඩෙක්ස්ටොප් අයිකන් හදන්න ඕන නම් හදා ගන්න ටික් එක දාලා නෙක්ස්ට් කරන්න. ඊට පස්සෙ ඉන්ස්ටෝල් දෙන්න… මැදදි සමහරවිට ෆයිල් එකක් හොස්ට් කරන්න අහයි එහෙම ඇහුවොත් වයිරස් ගාර්ඩ් එක ස්ටොප් කරලා යර්ස් කරන්න.. වැඩේ හරි යයි. බැරි වෙලාවක් හරි එක පාරම ෆයිල් එක බ්ලොක් කරලා දැම්මොත් ඔයාලගන් අහන්නෙ නැතුව වයිරස් ගාර්ඩ් එකෙන්. වයිරස් ගාර්ඩ් එක ස්ටොප් කරලා ආයෙමත් ඉන්ස්ටෝල් කරන්න.. දැන් WampServer ලොන්ච් වෙයි.. එහෙම වුනේ නැත්නම්  ලොන්ච් කර ගන්න.

මෙතන Put Online දාන්න ඕෆ්ලයින් තිබ්බොත්. දැන් Start All Services දෙන්න. දැන් Web Browser එක ඕපන් කර ගන්න. එඩ්ඩ්‍රර්ස් බාර් එකේ localhost කියලා ගහලා එන්ටර් කරන්න.. එතකොට මෙහෙම වින්ඩෝ එක එයි ආවෙ නැත්තම් ආයෙ බලන්න වෑම්ප් එක ඕප් ලයින් දාලා ආයෙ ඔන්ලයින් දාලා ස්ටාර්ට් ඕල් සර්විස් දීල බලන්න තවත් ආවෙ නැත්තම් මේ අයි.පී එකෙන් ට්‍රයි කරන්න 127.0.0.1 මෙහෙමත් ආවෙ නැත්තම් කියන්නකෝ…




දැන් තමා වැඩේ පටන් ගන්න තියෙන්නෙ මේ ටිකත් කියලාම මම මේක අදට නවත්තනවා.. ඒ තමයි අපි හදන පයිල්ස් දාන්න ඕන තැන.. C/wamp/www එක ඇතුලට තමයි දාන්න ඕනා www ෆෝල්ඩර් එක ඇතුලෙ තියනවා ෆයිල්ස් දෙකක් ඒවාට මුකුත් කරන්න එපා. www එක ඇතුලෙ නිව් ෆෝල්‍ඩර් එකක් හදලා ඒක ඇතුලෙ තමා ෆයිල්ස් දාන්න ඕනා.. www ෆෝල්ඩර් මේ පාත් එකේ සමහර විට නැති වෙනවා එයා ඉන්ස්ටෝල් කරද්දි වෙන පාත් එකක් දුන්නා නම්.. ඒ නිසා ඉන්ස්ටෝල් කරද්දි ඩිෆෝල්ට් පාත් එකේම ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.. නැත්තම් ඔයා ඉන්ස්ටෝල් කරපු පාත් එකට ගිහින් බලන්න….
එහෙනම් මම දැනට ලියන එක නවත්තනවා.අවුලක් තියෙනව නම් කමෙන්ට් කරන්න.ඊළඟ එකත් ඉක්මනට ලියන්නම්.