නොදන්න PHP දන්න සිංහලෙන් ඉගෙනගමු | දෙවන කොටස


 ඉතින් කොහොමද යාළුවනේ අයුබෝවන් කියලා ඔයාලව මම පී.එච්.පී දෙවන ලිපියට පිළිගන්නවා..හුඟක් මහන්සි වෙලා ඔන්න දෙවෙනි ලිපියත් එලියට දැම්මා.ඉතින් මම හිතනවා මේ වෙනකොට ඔයාලා වෑම්ප්සර්වර් එකයි මයි.එස්.කිව්.එල් එකයි ඔයාලගේ කම්පියුටර්ස් වලට ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා.. කවුරුහරි ආවෙ මේ ලිපිය දැකලා නම් කරුණාවෙන් ඉල්ලා සිටිනවා පළමු ලිපිය කියවලා එන්න කියලා. හරි එහෙනම් දැන් බලමු අපි අද මොකද කරන්නේ කියලා.

අපිට පී.එච්.පී වලට අත තියන්න කලින් අර එච්.ටී.එම්.එල් කියලා භාෂාවක් තියෙන්නේ ඒක ටිකක් පුළුවන් වෙන්න ඕනා එහෙමයි කියලා මම එච්.ටී.එම්.එල් ලියන හැටි කියලා දෙන්නේ නම් නෑ. ඕනම කරන තැනක් තිබුනොත් මම කියලා දෙන්නම්. ඕන කරන තැන් තියනවා ඒ වෙලාවට ඒ ගැන කියන්නම්. බය වෙන්න එපා හැමෝටම එච්.ටී.එම්.එල් බෑ කියලා මම දන්නවා. දැන් අපි මේකට විසදුම මොකක්ද කියලා අපි බලමු. ඒ කියන්නෙ එච්.ටී.එම්.එල් බැරි එකට. මුල් දවස් ටිකේ මම ඔයාලට එච්.ටී.එම්.එල් බිල්ඩ් කරන ටූල් එකක් යූස් කරලා තමයි කියලා වැඩ කරන්න කියලා දෙනේනේ හැබැයි ටික දවසකින් මම මගේ සුපුරුදු කෝඩින් වලට යනවා.. මම මේක කිව්වෙ ඔයාලට වගකීමක් තියෙනවා කියලා කියන්නයි. ඒ වගකීම තමයි එච්.ටී.එම්.එල් නෝට් පෑඩ් එකේ හරි ඔයාලට ගහන්න පුළුවන් කර ගන්න එක..

දැන් බලමු මොකක්ද අපි මේකට යූස් කරන ටූල්ස් මොනවාද කියලා මේකට ඇඩෝබිලාගේ ටූල් එකක් තියෙනවා ඒ තමයි ඇඩෝබි ඩ්‍රීමි වීවර් කියන්නෙ මම දන්නවා සමහරු මහ ‍ලොකුවට ඇඩෝබි මාස්ටර් කලෙක්ෂන් එකම බාලා ඉන්ස්ටෝල් කරනවා එත් එක දවසක්වත් රන් කරපු නැති මේ ඩ්‍රීමි වීවර්ත් ඉන්ස්ටෝල් වෙනවා…. එතකොට ලිනක්ස් උඩ වැඩ කරන ඈයන්ට තියෙන ටූල් එක මොකක් ද කියලා ඒ තමයි කොම්පෝස කියන්නෙ කොම්පෝස්ට් නෙමෙයි යකුනේ කොම්පෝස.. දැන් මම දෙකේම ඉන්ටර්පේස් එක විස්තර කරන්නම් කොහොම හරි අද අපි පළවෙනි ස්ක්‍රිප්ට් එක ලියන්නත් ඕන….

 මේක තමා ඔයාලට ඩ්‍රීම්වීවර් වලදී එන වෙල්කම් එක අපි මෙතනින් ඕපන් කරන්න ඕනෙ HTML, PHP ප්‍රොජෙක්ට් හරි දැන් HTML එකක් ක්‍රියේට් කරගෙන ඇතුළට යමු..
 ඔයාලා එහෙම ඇතුළට ගියාම එන්නෙ මේ වගේ ඉන්ටර්පේස් එකක්.. ඒකත් විස්තර කරන්නම්කෝ වදේ වෙලාවකට නිකං පිස්සු වගේ… මම ආසම කොම්පියුටර් වලට, හැබැයි මට තවත් හොදට පුළුවන් ඇන්කර් වන් + ඔයාලත් බොන්න මොනවදෝ විටමින් අඩංගු..
 මෙහෙම තමා පේන්නෙ මෙහෙම බැරි වෙලාවක් හරි පෙනුනෙ නැත්තම් බලමු..

අපිට වැදගත් වෙන වෙන පලට් තමයි මෙන්න මේවා ඉන්සර්ට්,ප්‍රොපටීස්, දැනට මෙච්චරයි ඉස්සරහටත් මෙච්චර තමයි.. ආ මේවා ඕපන් වෙලා තිබුනෙ නැත්තම් මෙනු කමාන්ඩ් වල වි‍න්ඩෝස් වල තමයි තයෙන්නෙ .. එතන තිබුනෙ නැත්තම් ඉතින් මම නම් දන්නේ නෑ…

ඔයාලා ඩිපෝල්ට් ලෝඩ් වෙලා ඇත්තෙ ස්පිලිට් විව් එකට ඒකෙ අපිට කෝඩ්ස් ඇන්ඩ් ඩිසයින් දෙකම පෙන්නනවා ඒක ගැන කිව්වම අනිත් දෙක තේර්ම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා..

දැන් අපි අපේ පලවෙනි වැඩේ පටන් ගමු දෙයියනේ කියලා..


මේකයි අපේ පලවෙනි වැඩේ මොකක්ද දන්නවද අපි කවුරුත් ඉස්කෝලේ ගිහින් තියෙනවා නේද?  අපි හදමු මේ ඉස්කෝලෙ ළමයින්ට රෙජිස්ටර් වෙන්න ලොග් වෙන්න පොඩි ඇපිලිකේෂන් එකක් පොඩි කිව්වට පොඩි නෑ වැඩේට ටිකක් කට්ට කන්න වෙනවා..

මෙහෙම තමයි බ්‍රව්සර් එකේදී ඕපන් වෙන්නෙ අපේ ඇප් එක..
 ඉන්සර්ට් පැලට් එකෙන් තමයි මේවා දාගෙන තියෙන්නෙ ඊට අමතරට මම මේක සේව් කරලා තියන්නෙ WWW ෆෝල්ඩර් එක ඇතුලේ ඒක තියෙන්නෙ කොතනද කියලා පළවෙනි ලිපියෙන් කිව්වා මතක ඇතිනේ..

 දැන් බලමු මේ පේජ් එක හදාගන්නේ කොහොමද කියලා.. මුලින්ම ඔයාලා ඩිසයින් විව් එකට යන්න අපි මේකට PHP එකක් එම්බඩ් කරන්න බලාපොරොත්තු වෙන නිසා මුලින්ම ෆෝම් එකක් දාන්න ඕන ඒ ‍ෆෝම් එක ඇතුලෙ තමයි PHP මොකක් හරි සම්බන්ධයක් තියෙන ඒවා සේරම දාන්න ඕන.
 බලන්න මුලින්ම මෙතන ඔයාලගෙ ඇක්ටිව් වෙලා තියෙන්නෙ කියලා වෙන එකක් නම් තියෙන්නෙ ඕක උඩ කිලික් කරලා ෆෝර්ම්ස් වලට මාරු වෙන්න ෆෝර්ම් එක දාගත්තට පස්සෙ ඒකෙ මොඩිපිකේෂන් කරන්න තියෙනවා මම ඒකයි කිව්වෙ HTML ඕන කියලා.. එහෙම නැතුවත් පුළුවන් හැබැයි සීමා සහිතයි..








 මේ තියෙන්නෙ ප්‍රොපටීස් පැලට් එක… මෙතන අපිට වැදගත් වෙන්නෙ ඇක්ෂන් කියන එකයි මෙතඩ් කියන එකයි

 මෙතඩ් එක පෝස්ට් මෙතඩ් එක තමයි යූස් කරන්නෙ ඒකට හේතුවත් කියලාම දාන්නම් අපි මෙතනදි ගෙට් මෙතඩ් එක යුස් කලොත් එඩ්ඩ්‍රස්  බාර් එකේ අපි ගහපු සේරම පේනවා එහෙම බෑනෙ පාස්වර්ඩ් එකක් ගැහුවොත් ඒක පෙනිලා හරියන්නෙ නෑනෙ.. තාම අපි පාස්වර්ඩ් දාන්න මේ ඇප් එකේ බලාපොරොත්තු වෙන්නෙ නෑ ඩේටා බේස් එකට ඉන්සර්ට් එකෙන් පස්සෙ අපි පාස්වර්ඩ් දාමු.. තව එකක් තමයි ගෙට් එකේදි වෙන කෝඩින් සිස්ටම් එකක් තියෙන්නෙ අපි ඉමේජ් අප්ලෝඩ් කරද්දි යූස් කරන්නෙ මේ ගෙට් මෙතඩ් එක.. අපි මුලින්ම අවශ්‍ය මූලික දේවල් ටික හදාගමු අන්තිමට රේන්ද අල්ලලා පටි දාලා ලස්සන කර ගමු. ලස්සන… කර ගමු.

 මම උඩින්ම දාලා තියෙන Register Here කියන එක දාලා තියෙන්නෙ <h1> ටැග් එකෙන් ඒක දාන්නෙ මෙහෙමයි යන්න කෝඩ් විව් එකට ෆෝම් එකට උඩින් <h1> Register Here </h1> කියලා ටයිප් කරලා දාගන්න, පාට දාගන්න හැටි පස්සේ කියන්නම්.. මේක කොපි පේස්ට් කරන්නෙ එහෙම නෑ..

 දැන් දා ගමු ටේබල් එකක් ටේබල් එක ඇතුලෙ තමයි දාන්න ඕන ඒවා දාන්න ඕන.. ටේබල් එක දාන්නේ ෆෝම් එක ඇතුලේ හරිද?

 ටේබල් එක තියෙන්නෙ ඉන්සර්ට් පැලට් එකේ Layout වල… ඒක උඩ ක්ලික් කලාම එයි ඩයලොග් බොක්ස් එකක්
 ඒකෙ දෙන්න කොලම්ස් ඇන්ඩ්ස් රෝව්ස් ගාන කොලම්ස් කියන්නෙ එක්ස් අක්ෂය දිගේ යන ඒවා අපේ වැඩේට මේවා දෙකක් ඕන රෝස්ව්ස් හයකුත් ඕන. ඒ විතරක් නෙමෙයි විඩ්ත් එකත් දෙන්න දැනට 200 ක් විතර දෙන්න පස්සෙ ඕන වුනොත් වෙනස් කරමු.. දැන් ටේබල් එකක් ඇඩ් වෙලා ඇති මුලින්ම අපි මේකෙ බෝඩර් එක අහක් කර ගමු ඒකට ප්‍රොපටීස් පැලට් එකේ බෝඩර් 0 කියලා දෙන්න.. දැන් ඉතින් මුලින්ම දකුණු පැත්තේ තියන නම, ලිපිනය කියන ඒවා ටික දාමු දාන්නෙ මෙහෙමයි.. ටේබල් එකේ සෙල් එකෙන් සෙල් එකට ගිහින් ඉන්සර්ට් කරන්න.. දැන් අනිත් පැත්තෙ තියන ඩේටා ඉන්සර්ට් කරන ටෙක්ස්ට් පීල්ඩ් දාම් ටෙක්ස්ට් පිල්ඩ් තියෙන්නෙත් ඉන්සර්ට් පැලට් එකේමයි හොයාගන්නකෝ ඒක ඔයාම . . ආයෙ මම කිසිම දෙයක් තියෙන තැන කියන්නෙ නෑ දේ මොකක්ද කියලා විතරයි කියන්නෙ පාර පෙන්නුවා දැන් යන්න අතින් අල්ලන් දිගටම යන්න බෑ මට එහෙම වුනොත් ඔයා ඉගෙන ගන්නෙත් නෑ මගෙ මහන්සියෙන් වැඩකුත් නෑ.. අනික තමා මට අතින් අල්ලන් යන්න වෙන අය ඉන්නවා අයෙක් නෙමේ අය..

 ටෙක්ස්ට් පීල්ඩ් සෙට් එක දාගත්තයි කියලා හිතමුකෝ මේකෙත් තියෙනවා මොඩිපිකේෂන් එකක්.. යන්න කෝඩ් එකට ටෙක්ස්ට් පීල්ඩ් එකේ නේම් එක එඩිට් කරන්න. අපේ ලේසියට මෙන්න මේ වගේ ‍ටෙක්ස්ට් පීල්ඩ් නේම් යූස් කරනවා මෙන්න මේ විදියට (txtname, txtaddress  ) txt කියන්නෙ ටෙක්ස්ට් කියන එක Button එකක් නම්  btn  කියලා යූස් කරනවා. මම එඩිට් කලාට පස්සෙ එන්න ඕන විදිහ දාන්නම් එකක් එඩිට් කරලා ඇවිත් බලන්න ප්‍රොපටීස් පැලට් එකේ මොකක් හරි තැනක මොඩිපිකේෂන්ස් එකක් වෙලා තියෙනවද කියලා අපි දුන්න ටෙක්ස්ට් පීල්ඩ් නේම් එකට සමාන..

<input type=”text” name=”txtname” id=”textfield” />


තව කරන්න ඕන මොඩිපිකේෂන් තියෙනවා ඒ තමයි Char width, Max Chars කියන දෙක Char width කියන්නෙ අපි ටෙක්ස්ට් පීල්ඩ් එකේ ‍එන්ටර් කරන අකුරු කීයක් එක පාර යූසර්ට පෙන්නනවාද කියන එක තමයි ඒකෙන් තීරනය වෙන්නෙ.. Max Chars කියන්නෙ යූසර්ට කොච්චර අකුරු ගානක් එන්ටර් කරන්න දෙනවාද කියන එකයි..

අවසන් දැනුමු දීම අපි ඉන්සර්ට් කරන හැම දේකම මොඩිපිකේෂන් තියෙන්නෙ ප්‍රොපටීස් පැලට් එකේ..

තව බට්න් එකක් එකක් දාන්න එපැයි ඒක දාලා ඒකෙ වැලියුව් එක චේන්ජ් කරන්න අපිට පේන්න ඕන විදිහට පේන්න ඕන Register කියලා.. ඇක්ෂන් එක submit..

හරි දැන් PHP එක ලියන්න පටන් ගමු.. නිව් ෆයිල් එකක් ගමු file>new කියලා මෙනු කමාන්ඩ් යූස් කරන්න නැත්තන් සුපුරුදු ෂෝට් කට් එක  ctrl+N ගහන්න.. එතනින් PHP තෝරන්න අපිට ඕන PHP එකක්නේ…

මුලින්ම බලමු PHP එකක් පටන් ගන්නේ කොහොමද කියලා දැන් මම ලිපිය ඉවර කරන්න හිතලා තියෙන්නෙ මම මගේ මැෂින් එකට ඒ කියන්නෙ ඇගට ලිනක්ස් තමයි දැගෙන ඉන්නෙ මම කිසි දෙයක් ලියන්නෙ පෙර සංස්කරණයකින් තොරවයි ඒ විතරක් නෙමේ ආයෙ කියවන්නෙත් නෑ.. මම හිතට එන දේ ලියන එක තමයි කරන්නෙ..

අපි HTML එකක් ලියන්න පටන්‍ ගන්නෙ මෙහෙමනේ <HTML>

ඒ විතරක් නෙමෙයිනේ ඒක ඉවර කරන විදිහකුත් තියෙනවනේ ඒ තමයි මෙහෙම </HTML>

මේක ඇතුලෙනේ දාන්න ඕන හැම ලබ්බම දාන්නේ..

 PHP එහෙමම තමයි පටන් ගන්න ඉවර කරන්න විදියක් තියෙනවා.. විදියක් කිව්වට දෙක තුනක්ම කියනවා ඒක ස්ටයිල් එක අනුව වෙනස් වෙනවා.. අපි භාවිතා කරන්නේ PHP ස්ක්‍රිප්ට් එකක් ලියන ප්‍රධාන ක්‍රමය ලෝකෙ ගොඩක් ඩිවලොපර්ස් ලියන ක්‍රමය…

 <?php මෙහෙමයි පටන් ගන්නේ අපි ඩ්‍රීම්වීවර් වලින් PHP එකක් ඕපන් කලාම එනවා කෝඩ් සෙට් එකක් ඒවා සේරම මකලා තමයි මේක ලියන්න පටන් ගන්න ඕන.. <?php කියන ටැග් එක දාද්දි මේක අතර ස්පේස් තියන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ වගකීමක් කියලා සිහිපත් කරනවා.. මම කියන්නෙ මම කරපු වැරදි මම PHP මේ මට්ටමට එන්න පට්ට කට්ටයක් කෑවා අපිට එරර් එකක් ආවාම ඒක විසදගන්න හැටි කියලදෙන්න කවුරුත් හිටියේ නෑ. නමුත් මම ඔයාලට එහෙම වෙන්න දෙන්නේ නෑ ඒ නිසා ඔයාලට එරර් එකක් ආවොත් හරි මොකක් හරි දෙයක් දැන ගන්න තිබුනොත් කමෙන්ට් එකක් දාන්න ඒක මගෙ එෆ්.බී පේජ් එකේවත් මොනයම් හෝ ක්‍රමයකින් මගෙන් පෞද්ගලිකව අහන්න එයා. මොකද ඒ අවුල තවත් යාළුවෙකුට එන්න පුළුවන්…

දැන් බලමු PHP එක ඉවර කරන හැටි.. මෙහෙම තමයි ඉවර කරන්නෙ අපේ ස්ක්‍රිප්ට් එක ?>

හරි අපි ඩිවලොපර්ස් කෙනෙක් ලියන පලවෙනි සරලම ස්ක්‍රිප්ට එක ලියමු..

 මේකයි වෙන්න ඕන මම රෙජිස්ටර් බට්න් එක ක්ලික් කලාම මට පෙන්නන්න ඕන යූසර්ට registration Successfully කියලා එහෙනම් වැඩේ දෙමු මම මේක ඉවර කරන්න හිතුවෙ කොයි වෙලාවෙද තාම ලියනවා අප්පා..

 අපි බලමු මොකක් හරි අපිට ඕන දෙයක් PHP පේජ් එකේ පෙන්නන්න භාවිතා කරන ෆන්ෂන් එක මොකක්ද කියලා නිකන් ෆන්ෂන් නෙමේ ලයිබ්රි ෆන්ෂන් හොදද. මේවා තියෙන්නෙ PHP සර්වර් එකේ.. අපි ස්ක්‍රිප්ට් එක රන් කලාම අපි ලියන ෆන්ෂන් එකට අදාල ලයිබ්රිය කෝල් වෙනවා ඊට පස්සෙ එකේ තියෙන දේට අදාල දේ වෙනවා..

 මේකයි අපි යූස් කරන පලවෙන් ලයිබ්රි ෆන්ෂන් එක ඒ තමයි echo කියන ෆන්ෂන් එක මේකට අපි වැලියුවු එකක් පාස් කරන්න ඕන මොකද මේකට මයින්ඩ් රීඩ් කරන්න බෑ අපි හිතන පෙන්නන්න එහෙම වුනා නම් තමුසෙලා මොන මොනවා හිතයිද??

 ලියමු එහෙනම්..

 <?php

 echo “registration Successfully”;


?>
හරි මේක ලියද්දිත් ඔයාලට එරර් එනවා එන්නෙ මොනවද කියල කියන්නම් එතකොට වැඩේ ලේසියි..

 අපිට එකෝ වෙන්න ඕන දේ දෙන්න ඕන ඩබල් කොටේෂන් ඇතුලෙ තව දෙයක් තමයි අගට සෙමි කෝලන් දාන්නත් ඕන..

 දැන් මේක සේව් කරමු සේවි කරන්න register.php එක්ස්ටෙන්ෂන් එකෙන් www එක ඇතුලෙ ෆෝල්ඩර් එකක් හදලා ඒකෙ සේව් කරන්න මට කියන්න අමතක වුණා කියන්න අපේ එච්.ටී.එම්.එල් ෆය්ල් එකත් ඒක ඇතුලට දාන්න හරිද? සමාවෙන්න ඕන වැඩ කරන මිනිස්සු අතින්නෙ වැරදි සිද්ධ වෙන්නෙ  සේව් කරලා යන්න එච්.ටී.එම්.එල් පේජ් එකට ඒකෙ action එකට අපේ  php ෆයිල් එකේ නම දෙන්න (register.php). දැන් ඉතින් රන් කරලා බලන්න.රන් කරන්න වෑම්ප් එක රන් කරලා ගියාම තියෙයි ඔයා හදපු ෆෝල්ඩර් එක තියෙයි ඒක ඇතුලෙ ඒකෙ එච්.ටී.එම්.එල් එක රන් කරලා බලන්න…

 මගේ නම් වැඩ ඔයාලගේත් වැඩ ඇති..

 නොදන්න Php දන්න සිංහලෙන් උගනිමු දෙවෙනි කොටස…

 නොදන්න Php දන්න සිංහලෙන් උගනිමු පළවෙනි කොටස කියෙවව්වද..  රැදී සිටින්න

 මීළග කෑල්ල තවත් රසවත් සුදු ඇපල් නෙමේ මොනාද එහෙනම් Php පැකට් එක කඩලා ඉවරයි දැන් තියෙන්නෙ රස බලන්න..

 උදව්වක් විදියට කමෙන්ට් එකක් දාන්න.බ්ලොග් එක තාමත් ෆලෝව් කළේ නැත්නම් දැන්ම ෆලෝව් කරල දාන්න.එහෙනම් SM ගියා.තුන්වෙනි ලිපියත් ඉක්මනට දාන්නම්.

2 comments:

php ඉගෙන ගන්න try කලාට ටිකක් අමාරුයි.
මේ post එකට thanx..

I help you any time..! thanks for comment .! -SM-

Post a Comment

දැක්වූ සහයෝගයට ස්තූතියි..!