ඔන්න යාළුවනේ PHP වල තුන්වෙනි ලිපියත් ලියල ඉවර කලා.ඉතින් අපි දෙවෙනි ලිපියෙන් කතා කලා වෙබ් එකේදී පී.එච්.පී ස්ක්‍රිප්ට් එකක් රන් වෙන්නෙ එච්.ටී.එම්.එල් පේජ් එකේ කරන යම් දෙයක් නිසා කියලා අර මම කිව්වෙ මේල් එක ගැන මතකද? ඉතින් අපි පලවෙනි වැඩේ විදියට පාසැලකට ශිෂ්‍යයින්ට පොඩි ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් හදන්න තීරණය කලා.. ඒකෙදි මම ඔයාලට එච්.ටී.එම්.එල් පේජ් හදන්න ඇඩෝබි ඩ්‍රීම්වීවර් මෘදුකාංගය භාවිතා කලා කවුරුහරි ඉන්නවා නම් නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරන එයාලට බ්ලූෆිෂ් කියලා මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන් මම කලින් ලිපියේදී කිව්වා කොම්පෝසා භාවිතා කරන්න කියලා අද කියන්නෙ බ්ලූෆිෂ් භාවිතා කරන්න කියලා. මම දන්නේ ඔයාලා කොතනද ඉන්නේ කියලා මාත් එකක් ඔයාලා හිටියොත් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.. මම දවසින් දවස අප්ඩේට් වෙද්දි ඔයාලා එක තැන පල් වෙන්න එපා. මම වගේ කරන්න පාන්දර තුනට විතර නිදාගෙන හයට නැගිලා ඩිවලොපර් කෙනෙක් කියන්නේ අන්න එහෙම චරිතයකට..
මම හිතනවා ඔයාලට මෙහෙම අවුලකුත් එන්න ඇති කියලා ඒ තමා වෑම්ප්සර්වර් එක අපි ඒක ඔපන් කලාම එන්නේ මෙහෙමයි.
දැනට ඔයාලගේ මේ යුවර් ප්‍රොජෙක්ට් වල කිසිම දෙයක් පේනන නැතිව ඇති.. මම මේ ලිපියේ මුල් හරි ලියන්නේ අමාරුයි කිව්ව පාඨකයන්ට මොකද ඔයාලා හැමෝම වෙනුවෙන් මට වගකීමක් තියෙනවා ඔයාලව යම් මට්ටමකට එනකල් මම ඔයාල වෙනුවෙන් ලියනවා. ඒක කරගන්න නම් මට ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් ඔයාලගෙ යුවර් ප්‍රොජෙක්ට් ඇතුලෙ මුකුත් නැත්තං මොකද කරන්නේ අපි යනවා වැම්ප් සර්වර් ඉන්ස්ටෝල් කරපු තැනට
දැනට ඔයාලගේ මෙතන කිසිම ෆෝල්ඩර් එකක් පේන්න නෑ අර මම රතු කරලා තියෙන්නේ දැනට මා විසින් ආරම්භ කල ප්‍රොජෙක්ට් ඕකේ ඔකේ ඔකේ ඉතින් ඔයාලා දැන් ඔතන ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕන ඊළගට මොකෙක්හරි ගම්කබ්බෙක් අහයිද දන්නෑ ෆෝල්ඩර් එක හදන හැටි කියලා දෙන්න කියලා..
ඉතින් මම ක්‍රියේට් කරනවා ට්‍රික්ස්ලංකා කියලා ෆෝල්ඩර් එකක් කාට හරි මේක හදන්නේ කොතනද කියලා අවුලක් තියේ නම් මගේ ස්ක්‍රීන්ෂොට් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එක බලන්න.
මෙන්න මේ විදියට මම මගෙ ෆෝල්ඩර් එක ක්‍රියේට් කරගත්තා. දැන් යං වෑම්ප්සර්වර් එකට…
මෙන්න මම ක්‍රියේට් කරපු ෆෝල්ඩර් එක ඇවිත් තියෙනවා කවුරුහරි වෑම්ප් එක බ්‍රව්සර් එකෙන් ලෝඩ් කරලා තිබුණා නම් පේජ්එක රීප්‍රෙෂ් කරන්න.
දැන් මම ඩ්‍රීම්වීවර් වලින් අලුත් එච්.ටී.එම්.එල් පේජ් එකක් ක්‍රයේට් කරගන්නවා මම දැන්මම මේක සේව් කරගෙන තමයි වැඩේ පටන් ගන්නේ ඉතින් අපි අපේ

එච්.ටී.එම්.එල් පේජ් එක සේව් කරන්න ඕන අර හදපු ෆෝල්ඩර් එක ඇතුලෙමයි ඔයාලත් ඒ විදියට සේව් කරන්න්කෝ.. දැන් ඉතින් මම මගේ එච්.ටී.එම්.එල් පේජ් එක ක්‍රියේට් කරගන්නයි යන්නේ. අපි හදන පේජ් එක මම ගිය ලිපියෙ දාලා තිබුණා කවුරු හරි අවුලක නම් ඉන්නේ ගිහින් බලන්න. දෙවැනි ලිපිය. මම කිව්වා මුලින්ම ෆෝම් එකක් හදලා ඒක ඇතුලෙ තමයි අපි දාන්න ඕන සේරම දාන්නෙ කියලා අපි අපේ ෆෝම් ඇක්ෂන් එක විදියට අපේ පී.එච්.පී පේජ්එක දුන්නොත් තමා පී.එච්.පී ස්ක්‍රිප්ට් එක රන් වෙන්නේ. හරිය ???….
ඔයාලාට ෆෝම් එක දාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මම මගෙ පී.එච්.පී එක ලියන්න පටන් ගන්නවා ඩ්‍රීම්වීවර් වලින් අලුත් පී.එච්.පී එකක් පටන් අරන් මම මුලින්ම ඒකේ ලෝඩ් වෙන ටෙක්ස්ට් සියල්ලම මකලා දානවා ඊට පස්සෙ පී.එච්.පී ස්ක්‍රිප්ට් එක පටන් අරගන්නවා ඊට පස්සෙ කමෙන්ට් ලයින් යූස් කරලා මම පොඩි පොඩි දේවල් ටිකක් ලියනවා මේ දේවල් ඩිවලොපර්ස්ලා කරන නිසාත් පරණ ලිපිය කියවලා කිසි ගේමක් නැතිව ගොඩ දාගත්තු යාළුවන්ට බෝරිං නොවෙන්නත් අලුත් දේවල් ටිකක් එකක් තමයි මම මේක ලියාගෙන යන්නෙ.. ඊට පස්සෙ මම රෙජිස්ට්‍රේෂන් සක්සස්පුලි කියලා එකෝ එකකුත් දාලා තියෙනවා. මේ සේරම තේරුම් ගන්න ඔයාට ස්ක්‍රීන්සොටකුත් දැම්මා මම.
දැන් මම කලින් කිව්ව විදියට එච්.ටී.එම්.එල් පේජ් එකට ඇක්ෂන් එක දෙන්න ඕන.
මම කලින් එකේදි වෙන නමකින්ද දන්නේ නැහැ මේ නම් කලේ කොහොම වුනත් මම මේ වෙලාවෙදි මගෙ පී.එච්.පී එක සේව් කලේ අර කොටු කරලා තියෙන නමින් ඔයාලා සේව් කරපු නම එතන්ට දෙන්න.
දැන් යං වෑම්ප් සර්වර් එකට ගිහිල්ලා මම යනවා ට්‍රික්ස්ලංකා කියලා මම හදපු ෆෝල්ඩර් එක ඇතුලට ඒක ඇතුලට ගියහම තියෙයි මෙන්න මේ විදියට අපේ ෆයිල් දෙක

ඕකෙන් එච්.ටී.එම්.එල් එක ඕපන් කරන්න අපේ බට්න් එක ක්ලික් කරලා බලන්න අපේ ස්ක්‍රිප්ට් එක රන් වෙයි..
හරිනෙ දැං තවත් අවුලක් තියේ නම් කමෙන්ට් එකක් දාලා යන්න අපි දැං තමයි අද පාඩම පටන් ගන්නෙ.
දැං මොකක්ද කරන්නේ අපි දැං සර්වර් එකත් එක්කනෙ වැඩ කරන්නෙ අපිට ඕන මෙයා රෙජිස්ටර් වෙන ඩේට් එක බලා ගන්න මුලින් අපි ඩේට් එක අපි අපේ යූසර්ට පෙන්නන්න ඕන ඔයාලා සයිට් වලට ගියාම දැකලා ඇති වෙලාව දාලා තියෙනවා ඒ දාන්නේ පී.එච්.පී එකක් යූස් කරලා.
ඩේට් එක දාන්න යූස් කරන්නෙ date කියන ලයිබ්රි ෆන්ෂන් එක මම මේ ලයිබ්රි ෆන්ෂන් එහෙමත් නැත්නම් ක්ලාස් ගැන මුලින් කිව්වා මට මතක විදියට. අපි ඕනම ලයිබ්රි ෆන්ෂන් එකක් කෝල් කරනකොට එයාට දෙන්න ඕන ඉන්පුට් තියෙනවා උදාහරණයක් විදියට අපි එකෝ කමාන්ඩ් එක යූස් කරද්දි අපිට එකේ විය යුත්තේ මොකක්ද කියලා දුන්නා.
date(‘H:i jS F’);
ඉතින් මේ ඩේට් කමාන්ඩ් එකටත් අපි ඒ විදියට ඉන්පුට් දිය යුතුයි.
මම මුලින් දාලා තියෙන කමාන්ඩ් ඉන්පුට්ස් වලින් දිනය වේලාව සේරම එනවා. ඔයාට ඕන නම් ටයිම් එක විතරක් ඒකට date(‘H:i’); කියන ඉන්පුට් දෙක ප්‍රමාණවත් මේකේ H කියන්නෙ හවර් එක i කියන්නෙ මිනිට්ස් ඉංග්‍රීසියෙන් කියනවා නම් මිනිත්තු.
date(‘jS F’);අපි මේ විදියට දුන්නොත් අපිට දිනේ ගන්න පුළුවන් මේකෙ j කියන්නෙ දවස කවද්ද කියන එකයි S වලින් කියන්නෙ අර උඩ දාන්නේ අකුරු දෙකක් දිනවලට අදාලව අන්න ඒක Fවලින් මාසය කවද්ද කියන එකත් පෙන්නනවා. දෙයක් කියන්න ඕන නැත්තම් තොපි ඇනගන්නවා ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයිලුනේ.. මේකේ ජේ අකුඑ සිම්පල් එස් අකුර කැපිටල් අනිත් ඒවා මොනවද කියලා පේනවා හොදට..

ඉතින් මේක රන් කරපුවාම බොහොම කැතට පේයි එක ගොඩේ රේන්ද පස්සෙ අල්ලමු කිව්වාට මෙතන්ට නම් බොත්තමක් අල්ලන්නම වෙනවා. පී.එච්.පී වල තියෙනවා එස්කේප් කැරැක්ටර් කියලා ජාතියක් හැම ලැන්වේජ් එකකම තියෙනවා නමුත් අපි කතා කරන්නේ පී.එච්.පී ගැනනේ.. . .
</br> තමා එක එස්කේප් කැරැක්ටර් දාන විදියක් අනිත් ඒවත් ඕන වෙන තැනක් තිබුනොත් කියලා දෙන්නම්.. ඉතින් මේ දැන් මම මගේ ස්ක්‍රිප්ට් එක රන් කලා ඩේට් එක නිකං දාලා වැඩේ වෙන්නේ නෑ කියලා ඒ කියන්නෙ ඩේට් එකට වේරියබල් එකක් ක්‍රියේට් කරන්න ඕන. මම මේක කියන්න ඕන නැත්තං ඔයාලා මොනා හිතයිද දන්නේ නෑනෙ මම මේක ලියන්නේ කලින් ලියලා බලලා වැඩ කරනවද බලලා නෙමෙයි අනිත් එක තමයි මට සමහර තැන් වල සින්ටැක්ස් එරස් එනවා ඒ මම ලැන්වෙජ් පහක් විතර පලෝව් කරමින් තමා ඉන්නේ නමුත් මම ඔයාලට වැරදෙන්න තියන්නේ නෑ හරිද… .. .
හරි අපි බලමු දැන් වේරියබල් හදන්නේ කොහොමද කියලා
$mad අපි ඕනම වේරියබල් එකක් හදද්දි මුලින් ඩොලර් මාක් එක දාන්න ඕන ඊටපස්සෙ අපේ වේරියබල් නේම් එක දෙනවා. මම හදලා තියෙන්නෙ වේරියබල් එකේ නේම් එක තමා මෑඩ් කියලා දාලා තියෙන්නෙ ඔයාලට කැමති කැමති නම් මේ වෙරියබල් වලට දාන්න පුළුවන්. දැන් කරන්නේ මම Your Registraion Successfuly කියන එක වේරියබල් එකක් විදියට අසයින්ග් කර ගන්නවා.

මොකද මම කරලා තියෙන්නේ අවුට්පුට් කියලා වේරියබල් එකක් හදලා ඒක සමාන කරලා තියෙනවා Your Registraion Successfuly කියලා..
දැන් අපි $output එක එකෝ කරමු.. මම මේ වේරියබල් කේස් එක කියලා දෙන්න පටන් ගත්තේ මට එරර් එකක් ආවා කියලනේ ඒ එරර් එක ආවෙ ඩේට් එකට, ඔයාලට එක පාර ඩේට් එක වේරියබල් එකට දාගන්න බැරිවෙයි කියලයි මුලින් පොඩි අදහසක් ගන්නයි මෙහෙම කලේ.

අපි මෙතනදි මතක තියාගන්න ඕන දෙයක් තමා වේරියබල් එකක් එකෝ කරද්දි ඩබල් කොටේෂන් නොදා එකෝ කරන්න. ඉතින් අපේ ඩේට් කමාන්ඩ් එකත් වේරියබල් එකකට සමාන කරලා අපි ඒක එකෝ කරගමු.
දැං ඉතින් මෙහෙම දැම්මට වැඩක් නෑ හරි කැතයි එක ගොඩේ නෙ පේන්නේ ඉතින් මම එස්කේප් කැරැක්ටර් යූස් කරනවා…

දැං පොඩ්ඩක් හොදයි දැං අපේ ඊළග වැඩේ මම අද ලියන ලිපියේ අන්තිම කොටස ඔයාලට කියන්න යන්නේ ඒ තමයි අපේ එච්.ටී.එම්.එල් පේජ් එකේ අපි දාපු ටෙක්ස්ට් ෆීල්ඩ් වලට යූසර් ඉන්පුට් කරන වැලියුව්ස් ටික අපේ පී.එච්.පී පේජ් එකට ගන්න එක මම ඔයාලට කිව්වා අපි දාන ටෙක්ස්ට් ෆීල්ඩ් වල නේම් එක එඩිට් කරගන්න කියලා ඒක කරන හැටි නොතේරුන කෙනෙක් ඉන්නවනම් මෙහෙමයි කරන්නෙ.

මේ තියෙන්නේ ප්‍රෙපටීස් පැලට් එක මම පෙන්වලා තියෙන එකට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් මතක තියාගන්න ඔයා මෙතනට දෙන නම තමා අපි පී.එච්.පී එකේදී යූස් කරන්න වෙන්නෙ.මේ මගේ නේම් කියන දීලා තියෙන නේම් එක එකින් එකට වෙනස් නේම් යූස් කරන්න ඕන නැත්තම් හොයාගන්න බෑනෙ.

මම පැහැදිලි කරන්නම් මම උඩ එකේදි කරලා තියෙන දේ. මම ඩේට් එකට පහලින් පේජ් බ්‍රේක් එකක් දාලා තියෙනවා. ඊට පස්සෙ මම $name කියලා වේරියබල් එකකට මගේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක වැලියුව් එක අරන් තියෙනවා අපි මේකෙදි $_POST කියන ලයිබ්රි ෆන්ෂන් එක යූස් කරලා තියෙනවා මේකට ඉන්පුට් එක විදියට අපිට අවශ්‍ය ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ නේම් එක දෙන්න ඕනා…


ඔයාලට පේනවා ඇති මම දෙන වැලියුව් එක ඇවිල්ලා තියනවා අපේ ස්ක්‍රිප්ට් එකට ඉතින් ඔයාලට පුළුවන් සේරම ටෙක්ස්ට් ෆීල්ඩ් වල වැලියුව්ස් ගන්න බේක් දාලා යටට අරගෙන ලස්සන ස්ක්‍රිප්ට් එකක් ලියන්න.. මම ඒ ගැන අපේ පසු විපරමෙන් සාකච්චා කරමු දැනට මම යනවා.. යනවා නෙමේ නවතිනවා
SM
1 comments:
එල එල දිගටම ලියන්න ඔබට සදා ජයම වේවා
Post a Comment
දැක්වූ සහයෝගයට ස්තූතියි..!