xp උණත් 7 කරගමු

 යාළුවනේ ඉතින් කොහොමද.මට නම් පහුගිය දවස්ටිකේ එපාවෙලා ඉඳියෙ.මොකද මම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ඉඳියනෙ.හපොයි කාපු කට්ටක්.හරි..හරි ඒව පස්සෙ.දැන් මම ගෙනාපු දේ ගැන කියන්නම්.මේක ගොඩක් වටින්නෙ windows XP පාවිච්චි කරන අයට තමයි.මං විස්තරේ මුල ඉඳලම කියන්නම්.මෙන්න මෙහෙමයි.අද net එකේ ගවේෂණය කරන කොට මට set උණා theme එකක් වගේ software එකක්.ඇත්තටම මේක software එකකුත් නෙමෙයි.හැබැයි theme එකකුත් නෙමෙයි.මොකක්ද කියල ඔයාලම හිතාගන්ට.මේක පාවිච්චි කරන්ට පුළුවන් windows XP වලට විතරයි කියල තිබුණා.ඒත් මම ඇරියෙ නෑ.මගෙ යාළුවෙකුට කිව්ව දාගෙන බලපං කියල.මොකද මිනිහගෙ system එක XP නිසා.ඕං බොලේ එතකොට නේද, XP remix වෙලා ආවෙ නැතැයිwindows 7 background එකක්.උට මාර හැපී.මොකද මිනිහ XP පාවිච්චි කළාට 7 වලට පණ ඇරලා.

 ඉතින් මට හිතුන ඔය ගැන මගෙ බ්ලොග් එකට එන XP පාවිච්චි කරන අයව දැනුවත් කරන්න.මම පහළින් දාල තියෙනව, බාගන්න.ඕක බාගෙන install කරන්ට.ඉට පස්සෙ reboot කරන්න.එතකොට ඔයා XP පාවිච්චි කළත් හරියටම 7 වගේ තමයි.ගොඩක් කට්ටියට win 7 install කරන්න බෑ කියනවා.slow වෙනවලු.[7 ගහන්නනම් ඉතින් හොඳ computer එකක් වෙණ්ඩ එපැයි.මොකද නැත්නම් slow වෙනවා]තවත් සමහරුන්ට win7 වල වැඩ කරන්න බෑ කියල අඬනවා.ඉතින් ඔය කාට උනත් නියම software එකක් තමයි මේ seven remix xp කියන්නෙ.ඔයා පාවිච්චි කරන computer එකේ ram එක 256 තියෙනව නම් මේ software එකට හොඳටම ඇති.ඉතින් windows 7 වගේම xp වල වැඩ කරන්න දැන්ම බාගන්න seven remix xp.පහළ screen shots ටිකකුත් ඇති.ඒව උඩ click කරල බලන්න.
ඉතින් එහෙනම් කමෙන්ට් එකක් දාල ෆලෝව් පාරකුත් දීල යන්න.තව ලිපියකින් ඉදිරියෙදි මුණ ගැසෙමු.








os කිහිපයකින් සෙල්ලම් දාමුද?


                               අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක් දන්නවා. එත් ඔයාල හිතුවද එක Machine එකක් OS කිහිපයක් එක්ක වැඩ කරන්න..?? ඕන්න ඔය දේ ගැන තමා අද කියන්නේ...

                  ඔයාල හිතන්න පුළුවන් අපිට මොකටද OS කිහිපයක් කියලා.. එහෙම හිතුවට වැරද්දකුත් නැහැ. ඇත්තටම මෙහෙම OS කිහිපයක් තියෙන්න හේතුව තමා එක එක කාර්යයන් කරන්න එක එක OS වැඩි ප්‍රමුඛතාවයක් දැක්විමයි. උදාහරණයක් විදියට ගත්තොත් Graphic කටයුතු සඳහා වඩාත් හොඳම OS එක හැටියට සැලකෙන්නේ Mac සහ Ubuntu සංස්කරණයි. තවද Software Development කටයුතු සඳහා Windows සංස්කරණ (Windows xp/vista/7) වඩාත් උචිතයි. ඉතිං මේ මේ හේතුන් නිසා කෙනෙකුට එ එ අවශතාවන්ට අනුකූලව OS කිහිපයක වැදගත්කමක් දැනේන්න පුළුවන්. අන්න එ වගේ දේවල් වලටයි මේ! එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ..

                 ඇත්තටම මේක හරි පහසු වැඩක්. මේක Virtual Machine software එකක්. මේකේ නම තමා VMWare Workstation. මේක පාවිච්චි කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ PC එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමුකො. ඔයාලට Fedora වගේ තවත් OS එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් අපිට කරන්න වෙන්නේ වෙනම Partition එකකට Fedora install කරලා Fedora වලින් boot කරන්නයි. ඒත් මේ software එකෙන් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි. ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්. හරි සරලයි. එක ඔයලාට මේක කරල බලද්දිම තේරෙයි.

                            අපිට ඕනේනම් Win Vista, Ubuntu, Mac වගේ ඕනම OS ගනනක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. එත් එකට එ එ OS එකට ඕන කරන Hardware Requiems අපි සපුරල දෙන්න ඕනේ. එ අනුව එක එක OS එකට අවශ්‍ය RAM capacity එක අපිට ඕන විදියට දෙන්න පුලුවන්. OS ගොඩක් එකපාර run කරන්න නම් ගොඩක් Memory ඕන. එහෙනම් එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාටත් මෙහෙම Software එකක ඕනකමක් තියෙනවනම් විතරක් මේ දේ try කරල බලන්න. නැත්නම් මේ දේ ඔයාලගේ IT දැනුමට එකතු කර ගන්න.



එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්..

ඔයත් Webdesign කරනවද?

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට.මට නම් දැන් වැඩ ගොඩයි.කොච්චර වැඩ තිබුනත් මම බ්ලොග් එක පැත්තෙ එන්න අමතක කරන්නෙ නෑ.පොඩි අවුලකට තියෙන්නෙ බ්ලොග් එකේ ලිපි වලට කමෙන්ට් දානව අඩුයි.ඔයා මේ ලිපි වලින් වටිනා දෙයක් ගත්තනම් අපිට උදව්වක් විදියට කමෙන්ට් එකක් දාල ෆලෝව් පාරක් දෙන්න අමතක කරන්න එපා..!

හරි..හරි..දැන් ඇති..මං අද ගෙනාව දේ කියන්නම්කො.මේක ගොඩක් වටින්නෙ web design කරන අයට තමයි.ඒත් මේ ගැන  දැනගත්ත කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ.ඔයාල HTML,XML,HTML5,XHTML,CSS,Java script ගැන ඉගෙන ගන්නව ඇති.මොකද web design කරන කෙනෙක් මේ ගැන දැනගෙන ඉන්නම ඕනෙ.

ඔයාට මතකද මම කලින් ලිපියකින් දැම්මා online වීඩියෝ පාඩම් තියෙන site එකක් ගැන.දැන් කියන්න යන්නෙත් ඒවගේ site එකක් ගැන තමයි.හැබැයි මේකෙ සිංහල වීඩියෝස් නම් නැහැ.මේක ඉංග්‍රීසි site එකක්.හැබැයි ඔයාට markup languages ගැන ඉතා හොඳට ඉගෙන ගන්න පුළුවන්.මුල සිට අගටම ඉතා සරලවම.

මේ site එක තමයි www.w3schools.com මේකෙන් සාමාන්‍ය විදියට ඉගෙනගන්නවට වැඩිය පැහැදිලිව තේරුම් ගන්නත් පුළුවන්.හරි....ඉතුරු ටික ඔයාගෙ අතෙ..එහෙනම් ඉතින් මැරයා යනව.ඊළඟ දවසෙ තවත් හොඳ දෙයක් අරගෙන එනව.මතක ඇතුව ඔයාගෙ අදහස කමෙන්ට් කරන්න.ෆලොව් පාරක් දීල මේ සිංහල මැරයට help කරන්න අමතක කරන්නත් එපා.එහෙනම් මං ගියා....!

www.w3schools.com

වෙබ් අඩවි නටවමුද?

කස්ටියම බලන්න ඇති මේ මොකක්ද කියලා නේද? මේක පොඩි ෆන් වැඩක්.මම ඉතින් ජාලේ ඔලුව හැරුනු අතේ සැරි සරනකොට තමයි මේක දැක්කේ..බලද්දි පොඩි ආතල් එකකුත් තියෙනවා.ඒකයි මම මේක ඔයාලටත් දෙන්න හිතුවේ.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.

ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )

වැඩේ මෙන්න මෙහෙමයි....

1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);
2 පියවර-ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.

3 පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ්  එකේ එන්ටර් කී එක ඔබන්න.

දැන් පේනවා නේද වැඩේ?..කොහොමද?

www.google.com
www.yahoo.com

හැබැයි මේ වැඩේ හරියටම වෙන්නෙ Opera බ්‍රව්සර් එකේ හරි Chrome බ්‍රව්සර් හරි තමයි.Firefox එකේ වැඩ නොකරන්න පුළුවන්....!

පොඩි ෆන් එකක් තියෙනවා නේද?හොදයි නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න.

වෙනකෙනෙකුගෙ IP එක හොයන්න ක්‍රමයක්


අද කියන්න යන්නේ ටිකක් අමුතු වැඩක්.ඔයාල දන්නවනේ ජාලෙට සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ජාලය ඇතුලේ තමන්ටම කියලා ලිපිනයක් තියෙනවා කියලා.ඒක තමයි Internet Protocol නොහොත් IP කියන්නේ(වැරදි නම් නිවැරදි කරන්න හොදේ).උදාහරනයක් විදිහට අපි නිවසක ලිපිනයක් ගනිමු.අපි ඒක දන්නවනම් අපිට ඕන නම් ඔය ගෙදර ඉන්න එකාට දෙකක් තුනක් ඇනලා උනත් එන්න පුලුවන්නේ.(එතකොට උගේ ගමේ එවුන් ගෙන් ගුටි කන එක වෙන කථාවක් :P :P)ඒ වගේ තමයි අපි කාගේ හරි එක IP දන්නවනම් ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්.

මම කියලා දෙන්න යන්නේ ඔන්න ඔය අයි.ඵී. ලිපිනය හොයාගන්න එක ක්‍රමයක්.තව ක්‍රම ගොඩාක් තියෙනවා.නමුත් මට හිතුනා මේක ටිකක් පහසුයි කියලා.

හැබැයි ඉතින් මේක හොයාගත්තට ලංකාව ඇතුලත නම් පොඩි අවුලක් තියෙනවා.මොකද අපි අපේ මොඩම් එක හෝ රවුටරේ ඕෆ් කරලා ඔන් කරපු ගමන් අපේ අයි.පී. එක වෙනස් වෙනවනේ.දුක තමා.ඒක අපේ ජංජාල ජාලේ හැටි.අනිත් බොහෝ රට වල නම් එහෙම නෑ කියලා මම අහලා තියෙනවා.ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි කාට හරි මොකක් හරි වැඩක් දෙන්න යනවනම්(ලංකාව ඇතුලත) අපි එයාගේ අයි.පී එක හොයා ගත්තනම් එයා පරිගණකය වහන්න කලින් අපිට අපේ ඉතුරු වැඩ ටිකත් කරගන්න වෙනවා.

මෙහෙමයි. ඔයාලගේම වෙබ් අඩවිය භාවිතා කරලා මේක කරන්න පුලුවන්.(බ්ලොග් වල නම් බෑ).එහෙම නැත්තම් ඔය ඕන තරම් නොමිලේ වෙබ් අඩවි හදාගන්න දෙන අඩවි තියෙන්නේ ඒකක රෙජිස්ටර් වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.හැබැයි ඒක PHP ගොනු අප්ලෝඩ් කරන්න අවසර තියෙන එකක් වෙන්න ඕනේ.

උදාහරන-

www.t35.com
www.110MB.com

1-මෙතනින් මේ සඳහා අවශ්‍යය PHP ගොනුව(2 Kb) බා ගන්න.පොඩී ෆයිල් එකක්.

අහ්හ්..කියන්න අමතක උනානේ.මේ කියලා දෙන්න යන්නේ තමන්ගේම වෙබ් අඩවියක් නැති අයටයි.තියෙන අයට ඕන නම් එයාලගේ වෙබ් අඩවියේ වෙනම පේජ් එකක් විදිහට දාන්නත් පුලුවන් වගේම මේකේ කෝඩ් එක අරගෙන මුල් පිටුවෙම හන්ගන්නත් පුලුවන්.

2-දැන් තියෙන්නේ ඔය කියන නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවියක අපේ ගිනුමට අපි බාගත්ත Index.php කියන ගොනුව අප්ලෝඩ් කරන එක.


3-දැන් අපේ ගිනුම රෙජිස්ටර් වෙලා තියෙන ඩොමේන් එකට ගියම මෙන්න මේ විදිහට අයි.ඵී.එක පේනවා.ඒත් සමගම ඒ යන කෙනාගේ අයි.පී. එක අපේ ගිනුමේ වෙනම Text ගොනුවක තැන්පත් වෙනවා.අයි.පී.එකට අමතරව එයා අපු වෙලාව,කී සැරයක් ආවද,අවසානෙට ආවේ කීයටද මේ විස්තර ඔක්කොම අපිට ලබාගන්න පුලුවන්.

ඔයාලට තියෙන්නේ IP එක දැනගන්න ඕන කෙනාට ඔයාලගේ වෙබ් අඩවියේ ලින්ක් එක දීලා ඒකට යන්න කියන එක විතරයි.

ඕක ඔය තියෙන විදිහට ගෙඩිය පිටින්ම දාන්නේ නැතුව අපි මොකක් හරි පේජ් එකක් හදලා ඒකේ හන්ගලා දැම්මනම් ඕකට යන කෙනාට සැක හිතෙන්නේ නෑ.

නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවි ගැන වැඩිය දන්නේ නැත්තම් මේ වීඩියෝ ටික බලන්න.මේකේ තියෙන්නේ අර මම උදාහරන විදිහට කිව්ව අඩවි වලින් T35 කියන අඩවියේ ගිණුමක් ආරම්භ කිරීම,ගොනු අප්ලෝඩ් කිරීම වගේ දේවල්.දන්නේ නැත්තම් බලන්න.

Vedio Lesson
Vedio Lesson
Vedio lesson

කියවලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ..තව මොනා හරි අවුල් තියෙනවනම් ඒවත් කොමෙන්ට් වල දාන්න.

RockMelt ගවේශණය

  මම දැන් ඔයාලට කියන්න යන්නෙ වෙබ් බ්‍රව්සර් එකක් ගැන.මේකෙ තියෙන විශේෂත්වය තමයි අනිත් වෙබ් බ්‍රව්සර් වලට වඩා මේක ගොඩක් වේගවත්.මේකට කියන්නෙ RockMelt කියල.ගොඩක් අය භාවිතා කරන්නෙ Firefox නැත්නම් Google Chrome.නමුත් ඔයා මේ බ්‍රව්සර් ඉන්ස්ටෝල් කරගත්තම ඔයාට දැනෙයි මේකෙ වෙනස.මමත් මෙච්චර කල් පාවිච්ච කළේ Firefox තමයි.හැබැයි ඉතින් Firefox වල තියෙන Add-ons පහසුකම මේකට නැහැ.ඒ වුණත් Firefox වල නැති පහසුකම් මේකෙත් තියෙනව.ඔයාගෙ සාමාන්‍ය බ්‍රව්සර් එක පාවිච්චි කරන ගමන් වුනත් RockMelt පාවිච්චි කළාට අවුලක්නෑ. හරි ඉතින් පහළින් බාගන්නකො.කමෙන්ට් එකක් දාල ෆලෝව් පාරක් දීල මේ මැරයට සහයෝගයක් දීල යන්න.



වයිරස් වලට දෙවි පිහිටයි [Threat Fire]

  ආහ්...කොහොමද ඉතින් කස්ටිය.ඔන්න මම අද ඔයාලට බොහොම වැදගත් දෙයක් ගෙනවා.ඔයාල වෛරස් ගැන හිත හිත වද වෙනවද... ඒවුණාට මම නම් හිතන්නෑ එහෙම වද වෙනව ඇති කියල.මොකද කැස්පා ජීවිතේටම තියාගන්න හැටි මම කියල දීල තියෙනවා.හරි.. ගොඩක් අය මට කිව්ව කැස්පා දැම්මම ස්ලෝව් වෙනව කියල.ඒක නම් ඉතින් එහෙම තමයි.කැස්පා දාගන්න නම් හොඳ ස්පීඩ් එකක් තියෙන පරිගණකයක් වෙන්න ඕන.ඉතින් එහෙම කියල ලිස්සල යන ජාතියෙ පොරක් නෙමේ මේ මැරයා.මම විශේෂයෙන්ම මේ ලිපිය ලියන්න හිතුවෙ ඒ අය ගැන හිතල තමයි.

හරි..මං දැන් කියන්නම් ගෙනාපු දේ ගැන.මේක අලුත් විදියෙ Antivirus Software එකක්.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware,Viruses,worms,Trojans,rootkit ගැන හිත හිත වද උනු ඔයාලට දැන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වැඩෙ දෙන්නෙ..දැනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නැතිව භාවිතා කරන්න පුලුවන්...


 Computer එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙ නෑ.මෙකට ඔයාලා දැනට භාවිතා කරන Antivirus Software එකට කරන්න බැරි වැඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන විවිද මැල්වෙයා වැඩසටහන් හදුනාගත හැක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණයි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මැල්වෙයා වැනි හානිකර පරිගණක වැඩසටහන් හදුනාගැනීමට හැකියාවක් ඇති Antivirus Software එකක්. තවත් දෙයක් තමයි මෙහි තිබෙන Active Defense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virus ඉක්මනින් හදුනාගත හැකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයට වෙනත් Antivirus Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගැනීමට හැකියාවක් මෙයට තියනවා.

  Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වැනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකර Computer Viruses වඩාත් ඉක්මනින් හදුනා ගැනීමෙ හැකියාවක් මෙය සතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දැනටමත් Antivirus Software එකක් තියෙන්න පුලුවන්,නමුත් Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer එකට වැඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක් පළමුවරට හදුනාගත් පසුව එයට අදාල ප්‍රතිවෛරස් වැඩසටහන් නිර්මාණය කිරීමයි.ඉතින් මෙකට වැඩි කාලයක් ගතවෙනවා.
හානිකර වැඩසටහන වෙනත් පරිගනක වලට පැතිරෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්..ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.Keyborad එකෙන් Computer එකට ඇතුලත් කරන විදාන,ඔබගෙ අනු දැනුමකින් තොරව පරිගණකයෙ ක්‍රි‍යාත්මක වන වැඩසටහන් දෙස ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වැඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් Threat Fire Software එකෙන් නිවැරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහැකි ආකාරයෙ පරිගණක වැඩසටහන්ය. )

  KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිත Threat Fire වලට පුලුවන්.තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්.එහෙනම් ඉතින් පහළින් Threat Fire මෘදුකාංගය බාගන්න.කමෙන්ට් එකක් දාලා ෆලෝව් පාරක් දෙන්න අමතක කරන්න එපා.ආයි දවසක හමුවෙමු.

ඇති වෙන්න vedio convert කරගන්න

  ඕනෑම වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම් වීඩියෝ Converter එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඒක හරහා වැඩ කරන්නේ නැති වීඩියෝ ඒක වැඩ කරන වීඩියෝ මාදිලියකට පෙරළා ගත යුතු ය.නැතිනම් ඒ වීඩියෝ ඒක බලාගන්න විදියක් නැහැ අපිට.ඒවගේ වීඩියෝ පරිවර්තක මුදෘකාංගයක් තමයි Any Video Converter Ultimate v4.4.0 ඒක.

   දින 30ක නොමිලේ ලබා දෙන අත්හදා බැලීමේ සංස්කරණය ඉක්මවූ පසු මුදල් ලබා දී එහි සේවය අවශ්‍ය නම් නැවත ලබා ගත යුතුය.මෙම මුදෘකාංගය හරහා වීඩියෝ පමණක් නොව ඔඩියෝද එහි මාදිලි වෙනස් කරගැනීමට හැකියාව තිබේ.iPhone, iPad, iPod යන ඇපල් සමාගමේ නිශ්පාදනවලට සරිලන විදියට ඕඩියෝ එකක් හෝ වේවා වීඩියෝ එකක් හෝ එහි මාදිලිය වෙනස් කරගත් හැකිය.පාවිච්චි කිරීමට පහසුවෙන් නිමවා ඇති මුහුණත නිසා සියලු දෙනාටම මෙමගින් පහසුවෙන් වැඩ කිරීමට හැකියාව තිබේ.ඒම මුදෘකාංගය හරහා,
  • Convert all popular video formats
  • Support MPG, WMV, MP4, 3GP, MOV, RM, DVD, VCD, AVI, ASF and other formats
  • Extract audio tracks from video files and save them to MP3, WAV, AC3, WMA, M4A, OGG, AAC and other formats
  • Selecting and Setting the conversion (brightness, contrast, saturation, etc.)
  • Ability to add a variety of artistic effects ("Old Film", "Gray", "Line Drawing", etc.)
  • Addition of ASS, SSA or SRT subtitles, as well as setting the positioning and style.
  • Connects to any decoder or codec configuration parameters
  • Support to encode and decode HD videos like HD AVI, HD MPEG2, HD MPEG2 TS, HD MPEG4, WMV HD, HD VOB, HD ASF, H.264/MPEG-4 AVC, AVCHD (*. M2TS, *. MTS ), MKV, WMV HD, MPEG2/MPEG-4 TS HD, etc.
  • The ability to retrieve images from your video into formats PG, PNG, GIF, and BMP files or to create video from your photos in HD or SD formats.
  • Support for MPEG1; MPEG2; MPEG4 (DivX4/DivX5); WMV7; WMV8; H263 (+); MJPEG;; DV; Huff YUV; On2 VP3; MPEG audio layer 2; MPEG audio layer 1/3; AC3; Vorbis; WMA ; AAC; Microsoft ADPCM; G.726 ADPCM; DV audio; FLAC and other audio and video codecs
  • Preview with built-in player
  • Converting 
  • Support for multi-core processor
 යන පහසූකම් ලැබේ.නමුත් මේ කිසිවක් අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මිලදී ගත යුතුය.මුදෘකාංගය සමග පහත ලබා දීලා තියෙන පැට්ච් එක යොදා ගනිමින් මුදෘකාංගය නොමිලේම පාවිච්චි කරගන්න.එහෙනම් ඇති තරම් වීඩියෝ කොන්වර්ට් කරගැනීමට පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
                                                                  EXE  FILE                   
CRACK       

screen එක record කරමු


  Camtasia Studio V7  තමා නිකුත් වෙච්ච හොඳම සංස්කරණය.මෙහි ඇති පහසුකම් උපයෝගී කරගනිමින් ඔබට සිතේ ඇති ආකාරයට නිමාවක් නොමැතිව වීඩියෝ සංස්කරණය කිරීමට හැකියාව තිබේ.මෙහි ඔබ සාදාගන්න වීඩියෝ පටි නැවත නැවත බැලීමට හැකි අතර එවිට ඔබට උසස් නිමාවකින් යුතු වීඩියෝ පටියක් එළි දැක්වීමට හැකිය.ඔබට මෙම මුදෘකාංගය හරහා, 
  • වීඩියෝ  රෙකෝඩ් කිරීමට හැකි වීම.
  • වීඩියෝ නැවත හැදීමට ඇති හැකියාව.
  • වීඩියෝ social අඩවි වෙත නිකුත් කිරීමට ඇති හැකියාව.
  • වර්ණ රටා වෙනස් කිරීමට හා එක කිරීමට ඇති හැකියාව.
  • කතාවක් කරන වීඩියෝ දර්ශනයක් නම් ඒම කථාව එයට එකතු කිරීමට හැකි වීම.
  • MP4/FLV/SWF - Flash player compatible,
  • M4V for iPad/iPod/iPhone/iTune,
  • AVI for CD/DVD/lossless export,
  • Silverlight-compatible WM,
  • MOV for QuickTime,
  • RM - RealMedia,
  • Animated GIF,
  • MP3 - Audio only යන ෆොර්මැට්වලටලබාගත හැකිවීම හා තවත් බොහෝ පහසුකම් මෙය මගින් සපයා ඇත.ඔබ විසින් ඔබගේ වීඩියෝ සංස්කරණය කිරීමේ දක්‍ෂතා සගවාගෙන නොසිට ඒය කළ එළි දැක්වීමට අවස්ථාව දැන් උදා වී තිබේ.එහෙනම් මෙම මුදෘකාංගය බාගෙන ලබා දී තිබෙන Keys වලින් එකක් ලබා දී ඔබගේ දක්‍ෂතාවයන් පෙන්වීමට මුදෘකාංගය සදහටම ඔබගේ කරගන්න.
 

Camtasia studio V7 Keys:

  • DQCGK-6AMHA-M24D8-MCZTM-H6AM9
  • NWC2S-AC5WC-F869J-MFX7A-ACBMD
  • 5WCY8-GRFFD-992CK-L4V8H-86CDA
  • 9CHAM-54QCM-HQ9ZW-PJL7D-2DA94
  • DQCGK-6AMHA-M24D8-MCZTM-H6AM9
  • 5WCMH-G9DMX-88SEC-DDP63-X98AB
  • VC23K-28SCM-XC74C-WQJ8K-YBAD4
  • MACCC-QD2KC-HRAHF-5SLU3-WRF86
  • ACUFF-ZNWAC-PANMB-CC7NG-TM377
  • KC2AC-ADZAM-CSWAW-NF6XZ-N56F8
  • CXMJC-H5BM7-BSYFZ-CGHDU-XDR24
  • KMCDS-SHTAA-V9NNB-HC2N8-V5CA8
  • YZDCA-CCBCZ-MCLAC-5NL69-SBAM9
  • TC54C-GYVZP-BZ3DB-CPDK8-QM6D9
  • WCKCM-UFK2C-S8VYA-DDS8G-J4A3E
  • C2CCH-AZCL2-CXACE-DTVXV-Q86CD
  • 88YCH-KKCHU-SQUJY-AKMMV-78ERM
  • BC25C-PQLCU-Y2SDM-SR7B2-JRF6F

Image file හදනවද?

 ඉතින් යාළුවනේ කොහොමද?ඔන්න අදත් මම ඔයාලට බොහොම වටිනා දෙයක් අරගෙන ආවා.කියවලම බලන්නකො.හරි ඉමේජ් ෆයිල් එකක් යනු යම් කිසි ෆයිල් කිහිපයක් හෝ විශාල ප්‍රමාණයක් එකතු කර සාදන තනි ෆයිල් එකකි.මෙහි ඇති විශේෂත්වය මේවා ඕනෑම තැනකට එක සැරේ ගෙනයාමට හෝ ඩිව්ඩි එකකට උවද ලියවිය හැකිය.බොහොමයක් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කරගැනීමට ලබා දෙන්නේ ඉමේජ් ෆයිල් එකකි.එයට හේතුව මෙහෙයුම් පද්ධතියක් වැනි මුදෘකාංගයක් විශාල ෆයිල් රාශියක් තිබීම නිසාය.අවම වශයෙන් ෆයිල් 8ක් වත් අඩංගු වේ.ඉතින් එක එක ෆයිල් එකක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමට වඩා තනි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීම පහසුය.

  ඉතින් ඔබලා බොහොමයක් එහෙම ඩවුන්ලෝඩ් කරගත්තු ඉමේජ් ෆයිල් ඒක ඩිව්ඩි එකකට ගත්තායින් පසුව එම ඉමේජ් ෆයිල් ඒක ඔයාලා මකලා දානවා.ඉතිං සමහරක් විට අයිත් ඉමේජ් ෆයිල් ඒක අවශ්‍ය උනොතින් එය එක්කෝ ඩවුන්ලෝඩ් කරගන්න සිදු වේ.නමුත් ඒවා විශාල ෆයිල් නිසා නැවත ඩවුන්ලෝඩ් කරගන්න ගියොත් එපා වෙනවා නේ.දැන් එහෙම අවශ්‍ය නැහැ.Xilisoft ISO Pro මගින් ඉමේජ් ෆයිල් සාදා ගත හැකිය.ලොකු දෙයක් නැහැ පොඩි දෙයයි කරන්න තියෙන්නේ.මුලින්ම Xilisoft ISO Pro මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.මෙම මුදෘකාංගය නොමිලේ නොදෙන අතර අත්හදා බැලීමේ කාලය තුල ඉතා විශාල ෆයිල් ගනනාවක් ඉමේජ් ෆයිල් එකක් ලෙස සකස් කිරීමට මුදල් ඩි මුදෘකාංගය ලබා ගත යුතුය.නමුත් පහත සදහන් කී ඒක හා නම සදහන් කර මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.හරි මුලින්ම මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එහෙනම්.

Xilisoft ISO Pro Serial:
  • Name: fdzone
    Code: 0CB83D06C2CC2B362D2668C0-B928-E5E5-EFC0


USB ආරක්ෂක පද්ධතිය

  සාර්වත්‍ර අනුක්‍රම නියමග (යූ.එස්.බී) යනු උපකරණ සහ ධාරක පාලකය අතර (සාමාන්‍යයෙන් පෞද්ගලික පරිගණකය) හුවමාරුව ඇති කර ගැනීම සදහා නිපදවන ලද නියමාවලියකි. මෙමගින් වේලාසන ආ ශ්‍රේණිගත සහ සමාන්තර කවුළුව වැනි අන්තරානීක ප්‍රභේද සඑල ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී.

  ඉතිං ඉතා කෙටි ඉතිහාසයක් ඇති යුස්බ් උපකරණය මගින් ඔබට ඉතා විශාල වැඩ ප්‍රමාණයක් කරගත් හැකිය.එනම් මෙහි නොයෙකුත් ප්‍රමාණයේ ධාරිතාවලින් යුස්බ් උපාංග ඇති නිසා ඔබට ඔබගේ පරිගණකය හා එකතු කිරීමට මෙන්ම ඉවත් කරගෙන යාමට හැකියාවක් තිබේ.කොටින්ම කිව්වොතින් මෙය ජංගම ගබඩාවක් වේ.මෙහි වාසි පති මෙන්ම අවාසි පැතිද තිබේ.ඔබගේ වටිනා කියන ලියකිවිලි ඔබ නැති අවස්ථාවකදී යුස්බ් උපාංගයක් උපයෝගී කරගෙන ඔබගේ පරිගණකයෙන් ලබා ගත හැකිය.

  නැත හොත් ඔබගේ පරිගණකය වයිරස් වැඩසටහනක් ඔබ නොදැනුවත්වම පරිගණකයට ගෙනත් දැමිය හැකිය.යූ.එස්.බී මගින් මූසික, යතුරු පුවරු, සංඛ්‍යාංක කැමරා, මුද්‍රණ යන්ත්‍රය, පුද්ගලික මාධ්‍ය වාදක, ෆ්ලෑෂ් ධාවක, ජාල උපයුක්තක, සහ බාහිර දෘඪ තැටි වැනි පරිගණක පර්යන්ත සම්බන්ධ කල හැක. මෙවැනි බොහෝ උපාංගද සමග, සම්මත සම්බන්ධක ක්‍රමයක් ලෙස යූ.එස්.බී පත් වෙයි.මෙහු ඉතිහාසය ගත හොත්, පර්යන්ත උපාංග සදහා යූ.එස්.බී සම්මත වේ. 1994 දී සමාගම් හතක කණ්ඩායමක් විසින් මෙහි ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇත. එනම්, ඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල් යන සමාගම් විසිනි.


  ඉතිං ඔබ නිවසේ හෝ කාර්යාලයේ නොමැති අවස්ථාවලදී ඔබගේ පරිගණකයේ තිබෙන වැදගත් දත්තයන් යුස්බ් උපාංග හරහා විනාශ වීම වැළක්වීමට හැකි මුදෘකාංගයකි USB Antivirus v3.2.0 උපාංගය.මෙම මුදෘකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව ඔබ යොදන රහස් වචනය නොමැතිව යුස්බ් උපාංග පරිගණකය විසින් හදුනා නොගෙනෙ.ඉතිං ඔබ නොමැති අවස්ථාවලදී ඔබගේ වැදගත් දත්ත ආරක්ෂා කරදීමට මෙම මුදෘකාංගය හරහා පුළුවන් කම තිබේ.එහෙනම් මුදෘකාංගය හා එය නොමිලේ පාවිච්චි කිරීමට අවශ්‍ය keygen එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.මෙහි කිජන් එක වයිරස් මුදෘකාංග මගින් ස්වයංක්‍රියව ඉවත් කරන නිසා මෙම ගොනුව extract කිරීමට ප්‍රථමව වයිරස්ගාඩ් මුදෘකාංගය තාවකාලිකව විසන්ධි කරන්න.


නොමිලේ IT සිංහලෙන්ම ඉගෙනගමු

  ඔයා IT ගැන ඉගෙන ගන්න කෙනෙක්ද..එහෙනම් අනිවාරෙන්ම පාඨමාලාවක් කරනව ඇති නේද.මං දන්න තරමින් නම් පාඨමාලාවක්  සුළු පටු ගාණකට කරන්න බැහැ.සාමන්‍යයෙන් හොඳ පාඨමාලාවක් කරනව නම් රුපියල් 10000 ට වැඩියෙන් යනවා.ඒක ඉතින් අමුත්තක් නෙවෙයි.හැබැයි ඉතින් ඔයා සල්ලි ගෙවල ඉගෙන ගන්නෙ බොහොම සීමිත පාඩම් මාලාවක්නෙ..නමුත් මම අද ඕගොල්ලන්ට කියන්නම් නොමිලේ IT ගැන ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන ගැන.www.gurulk.com මේක තමයි දැනට ලෝකයේ තියෙන වැඩිම සිංහල වීඩියෝ පරිගණක පාඩම් සහිත වෙබ් අඩවිය.ඔයාට ඕනම පරිගණක පාඩමක් තේරෙන සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්.ඉතින් සල්ලි ගෙවල ඉගෙන ගන්නවට වැඩිය මේ අඩවියෙන් නොමිලේම IT සූත්තරේ ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්.තොරතුරු තාක්ෂණය හා පරිගණක මෘදුකාංග ගැන ඉගෙන ගන්නත් ඔන් ලයින් පාඨමාලා කරන්නත් තව පහසුකම් රැසකුත් මේ අඩවියෙ තියෙනව.

   හොඳයි ඉතින් මම තවත් ඔය ගැන කෙළ හලන්නෙ නෑ.මේ මැරයා කියනවට පොඩ්ඩක් ඔය සයිට් එකට ගිහින් බලන්න.එතකොට ඔයාට තේරෙයි ඒක කොච්චර වීඩියෝ පාඩම් තියෙනවද කියල.මෙන්න නැවතත් අඩවිය.www.gurulk.com එහෙනම් මතක ඇතුව කමෙන්ට් කරල ෆලෝව් කරල යන්න.ඕල් ද බෙස්ට්..!

ඇතිවෙන්න බාගන්න IDM වලින්

ඉතින් කොහොමද කොල්ලනේ.ඉඩක් ලැබුණ ඕනම වෙලාවක බ්ලොග් එක පැත්තෙ මම ඇවිල්ල යනව.ඉතින් අදත් ආවෙ නියම දෙයක් අරගෙන තමයි.අද කියන්න යන දේ ගැන ගොඩක් අය දන්නවත් ඇති.නමුත් නොදන්න පිරිස වැඩියි කියල හිතුණ නිසා මේවගේ ලිපියක්ම දැම්ම.මම ඉන්ටනෙට් එකේ සැරිසරනකොට සෙට් උණා නියම සිංහල සයිට් එකක්.මේකෙත් මරු මරු දේවල් තියෙනවා.ඒ සයිට් එක කියවල ඉවර උණාම ඔයාල හිතයි මේ සයිට් එක, ඒක කොපි කරල හදපු එකක් කියල.ඇත්තටම මේ සිංහල මැරයා කාගෙවත් දේවල් කොපි කරන්නෙ නෑ.ඉතින් ඒක ඕගොල්ලො තේරුම් ගනී කියල මම විශ්වාස කරනවා.හොඳයි මම දැන් ගෙනාපු දේ දෙන්නම්.ඇත්තටම මේ නිෂ්පාදනයට ස්තූතියි කරන්ට ඕන අපේ හැක්ක්‍රිෂ් අයියට.එයා තමයි පළමු වරට IDM වල patch ෆයිල් එකක් ගැන නෙට් එකට දැම්මෙ.හරි ඒවැයින් අපිට වැඩක් නෑ.ඔයාල හැමෝම දන්නවනේ ලෝකයේ අංක එකේ ඩවුන්ලෝඩ් මැනේජර් එක ගැන.නොමිලේ බානව නම් ඉතින් ට්‍රයල් තමයි.ඒකත් ඉතින් මාසයයිනේ.නමුත් දැන් අපට පුළුවන් හැකාගේ පැට්ච් ෆයිල් එක යොදාගෙන IDM ජීවතේ පුරාවටම තියාගන්න.වීඩියෝ,සින්දු අරව මෙව්ව ඕන දෙයක් කැත නැතුව බාගන්න පුළුවන්.

  දැන් බලමු කොහොමද මේක අපේ පරිගණකයට සක්‍රීය කරගන්නෙ කියල.මුලින්ම මෙතන ක්ලික් කරල IDM වල ට්‍රයල්  එක බාගන්න.ඊට පස්සෙ ඉන්ස්ටෝල් කරගන්න.දැන් අපේ හැකාගෙ පැට්ච් ෆයිල් එක බාගන්න.මෙන්නන මෙතනින් යන්නඊට පස්සෙ ඕක extract කරගන්න.මේක තමයි පාස්වර්ඩ් එක -HacKrisH-  අන්තිමට ෆයිල් එක ඕපන් කරල ඔයාට ඕන first name එකයි last name එකයි දීල patch කරන්න.ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් මැරෙනකම්ම බාගන්න පුළුවන්.අදහස් තියෙනව නම් කමෙන්ට් කරල යන්න.ජොයින් වෙන්නත් අමතක කරන්න එපා.එහෙනම් ඊළඟ ලිපියෙන් සෙට් වෙමු

කැස්පා ජීවිතකාලෙටම

  ගොඩක් දෙනා බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල තිබුණත් කමෙන්ට් කරපු කට්ටිය නම් බොහොම අඩුයි.කියවනව වගේම කමෙන්ට් පාරකුත් දාල යන්න කියල මේ මැරයා පොඩි ඉල්ලීමකුත් කලා ඉතින් ඔන්න.හරි ඒක අමතක කරමු.කලින් දාපු ලිපි හැම එකක්ම වගේ සල්ලි හොයන ඒවා ගැනනෙ.ඉතින් අද වෙනස් විදියෙ දෙයක් අරගෙන ආවා.අද කාලෙ ගොඩක් අයට අවශ්‍යම කරන දෙයක් තමයි ඇන්ටිවෛරස් මෘදුකාංගකයක් කියන්නෙ.ඒකට හේතුව තමයි පරිගණකයකට ඉතා සියුම් ලෙස වෛරස් වර්ග ඇතුළු වීම.මැල්වෙයා කියයි,වෝර්ම්ස් කියයි,ජර්ම්ස් කියයි කොහෙ බැලුවත් වෛරස්.ගොඩක් අය හිතාගෙන ඉන්නෙ වෛරස් එන්න ඉන් පුට් ඩිවයිස් එහෙම නැත්නම් CD,DVD හා පෙන් ඩ්‍රයිවර්ස් වගේ ගැජ මැටික්ස් වලින් විතරයි කියලා.හැබැයි ඔයා අන්තර්ජාලයේ නිතර සැරි සරනව නම් වෛරස් වලට එන්න කිසිම ගේමක් නෑ.

මේ අවධානමෙන් යම් තාක්දුරට ගැලවෙන්න පුළුවන් ඇන්ටිවෛරස් මෘදුකාංගයක් පාවිච්චි කරල විතරයි.ඒත් හැම වෛරස් ගාඩ් එකකිනම එහෙම කරන්න බෑ.දැනට ලෝකේ තියෙන හොඳම ඇන්ටි වෛරස් මෘදුකාංගය තමයි කැස්පස්කයි කියල කියන්නෙ.හැබැයි මේක ඔයාට නොමිලේ භාවිතා කරන්න පුළුවන් මාසයයි.අවුරුද්දක් වගේ තියා ගන්න නම් සල්ලි ගෙවන්න ඕනෙ.ඉතින් මම දැන් කියල දෙන්නම් සල්ලි ගෙවන්නැතුව කැස්පා ජීවිත කාලෙටම තියාගන්නෙ කොහොමද කියලා.මේකට ඔයා මුලින්ම කැස්පා වල ඔයාට ඕන ගාඩ් එකේ ට්‍රයල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.මෙතනින් ඔයාට අවශ්‍ය කැස්පා එක බාගන්න.දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ මෙන්න මේ අඩවියට යන්න.[http://www.kavkiskey.org]ඔය සයිට් එකේ තියෙනවා කැස්පා ඕනම් ගාඩ් එකක සීරියල් කීස්.ඒක බා ගෙන සීරියල් එක කැස්පා ට දෙන්න.එතකොට පුළුවන් කැස්පස්කයි අවුරුද්දක් තියාගන්න.ඒක ඉවර උණාම තව සීරියල් එකක් දෙන්න.ඔය විදිහට අවුරුද්දෙන් අවුරුද්ද හැමදාටම තියාගන්න පුළුවන්

.මම කියපු විස්තරේ කරන හැටි බලාගන්න ඕන නම් පහළ වීඩියෝ එක බලන්න.එහෙනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාල යන්න.ජොයින් පාරකුත් දාන්ට.එහෙනම් මැරයා ගියා..!

clixsense ගැන Part 05

   මේ ලිපිය පළවෙනියටම කියවනවනම් ඔයාලට කියන්න ඕනෙ පළවෙනි කොටසේ සිට පිළිවෙලට දාලා තියෙන ලිපි මුලින් කියවල ඉන්න.පළමු ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න.හොඳයි ඔයා මේ ලිපි හැම එකක් පිළිවෙලට කියවගෙන එනවනම් ඒ ගැන හිතන්න එපාහරි..දැන් අපි බලමු හොයාගත්ත ඩොලර් ටික අපේ අතට ගන්නෙ කොහොමද කියලා.මෙයාලා අපිට සල්ලි එවන්නෙ චෙක් එකක් විදිහට.ඒකියන්නෙ අපේ ගෙදරට එන්න මේ විදිහෙ චෙක් එකක්.







  හැබැයි මේ වගේ සල්ලි අතට ගන්න නම් ඔයාගෙ ගිණුමෙ අඩුම ඩොලර් 100ක් තියෙන්න ඕනෙ.ඉතින් මම කියල දීපු විදිහට මේ වැඩේ කළාම ඩොලර් සියයක් හොයන එක ගේමක් නෙමෙයි.හරි..ඔයාගෙ ගිණුමෙ ඩොලර් සියයක් එකතු උණාම මෙන්න මේ විදිහට කරන්න.මුලින්ම Account පිටුවට යන්න.එතන ඔයාගෙ බැලන්ස් එක පෙන්වනවා.එතනම තියෙනවා cashout කියල පොඩි ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.දැන් එනවා ඔයා cashout කරන විදිය තෝරන්ට.මෙතනින් Check (International)Rest of the World
කියන එක තෝරන්න.දැන් ඔයාගෙ සියලුම නිවැරදි තොරතූරු දීල පුරවන්න.අන්තිමට Cashout කරන්න.මෙයාල චෙක්පත් යවන්න හැම මාසෙම පළවෙනි සඳුදට.සතියක් යනකොට චෙක් එක ගෙදරටම එනවා.ඔන්න ඕක තමයි වෙන්නෙ.

  මේ විදියට නැතුව Payza ගිණුමක් භාවිතයෙනුත් මුදල් චෙක් එකක් අතට ගන්නත් පුළුවන්.ඒකත් මම කියල දෙන්නම්.මුලින්ම මෙතන ක්ලික් කරලා Payza ගිණුමක් හදාගන්න.Payza වලට cashout කරන්න ඩොලර් 8ක්(ප්‍රීමියම් සා. 6$)අඩුම ඕනෙ.කලින් විදිහටම cashout ලින්ක් එක ක්ලික් කරලා Payza කියන එක තෝරගන්න.ඊට පස්සෙ ඔයා හදපු Payza ගිණුමෙ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල ලොග් වෙන්න විතරයි ඕනෙ.ඕන කරන ගාන Payza එකේ ඇති.Payza එකෙන් ගෙදරට සල්ලි ගෙන්වීමේ වාසිය තමයි මේකෙ අඩුම චෙක් cashout ගාන ඩොලර් 20යි.ඉතින් Payza එකේ සල්ලි අතට ගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලා ගන්න.
  හොදයි..එහෙනම් ඉතින් මට දැන් යන්න වෙලාව හරි.මේ හැම ලිපියකටම කමෙන්ට් එකක් දාන්න.සයිට් එකට ජොයින් වෙන්නත් අමතක කරන්න එපා.මේ අඩවිය හැමෝටම බෙදාහරින්න.එහෙනම් ඉතින් නැවත ඉදිරියෙදි හමුවෙමු.තාමත් ක්ලලික්සෙන්ස් වලට රෙජිස්ටර් වෙලා නැති නම් මෙතනින්  රෙජිස්ටර් වෙන්න.ඔයාලට Good Luck...!

clixsense ගැන Part 04

 මේ ලිපිය පළවෙනියටම කියවනවනම් ඔයාලට කියන්න ඕනෙ පළවෙනි කොටසේ සිට පිළිවෙලට දාලා තියෙන ලිපි මුලින් කියවල ඉන්න.පළමු ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න.හොඳයි ඔයා මේ ලිපි හැම එකක් පිළිවෙලට කියවගෙන එනවනම් ඒ ගැන හිතන්න එපා..හරි..අපි දැන් වැඩේට බහිමු.මම මේ ලිපියෙන් කියන්නෙ ක්ලික්සෙන්ස් සාමාජිකත්වය අප්ග්‍රේඩ් කරගෙන ලැබෙන මුදල තවත් වැඩි කරගන්න හැටි.ඔයා ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වුණ අලුත ඔයාට ලැබෙන්නෙ ස්ටෑන්ඩරඩ් සාමාජිකත්වයක්.මේ තත්වෙදි ඔයාට ලැබෙන පහසුකම් හොඳටම මදි.නමුත් ඒ තත්වය අප්ග්‍රේඩ් කරාම ගොඩාක් පහසුකම් ඔයාට ලැබෙනවා.ඒ ගැන විශ්වාස නැත්නම් Premium Account  කියන පිටුවට ගිහින් බලාගන්න.හරි.. මං දැන් කියන්නම් කොහොමද ප්‍රීමියම් වලට අප්ග්‍රේඩ් කරගන්නෙ කියලා...

  තුන්වෙනි ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනෙ සල්ලි හොයන හැටි.ඒ කියන්නෙ රෙෆරල්ස්ලා සීයක් එක්ක මාසයක් වැඩකරන්න ඕනෙ.එතකොට පුළුවන් ඔයාට ඩොලර් 18.9 හොයාගන්න.මොකද ප්‍රීමියම් සාමාජිකත්වය මිලදී ගන්න ඩොලර් 17 යනවා.ඒක හොයාගන්න එච්චර ගින්නක් නැහැනෙ.හරි දැන් ඔයාගෙ ගිණුමෙ ඩොලර් 17 තියෙනවනෙ.එහෙනම් Account summary පිටුවට යන්න.ඔය පිටුවෙ තියෙනව ඔයාගෙ දැනට පවතින සාමාජිකත්වය. ඒක ළඟම මෙහෙම එකක් ඇති Upgrade to PREMIUM and multiply your earnings!ඒක උඩ ක්ලික් කරන්න..හරි දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ සාමාජිකත්ව දෙක අතර වෙනස.මේ පිටුවෙ තියෙනව ඔයා මේ සාමාජිකත්වෙට ගෙවන විදිහ.ඔයාගෙ Paypal ගිණුමෙන්,Payza ගිණුමෙන් හෝ Liberty Reserve ගිණුමෙන් උණත් පුළුවන් මේකට ගෙවන්න.හරි එතනින් ඔයාගෙ ක්ලික්සෙන්ස් මේන් බැලන්ස් කියනඑක තෝරලා Premium සාමාජිකත්වය අරගන්න.

  අවශ්‍යනම් මේ වීඩියෝ කෑල්ලත් බලන්න.

   හරි දැන් එහෙනම් බලමු මේ අලුත් සාමාජිකත්වය නිසා අපේ ආදායම වැඩි වෙන්නෙ කියලා.       මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.   එතකොට අපේ මාසික ආදායම රුපියල් 25000ක් 30000ක් විතර වෙනවා.ඇතිනේද?ඉතින් ඔයාලට තියෙන්නෙ පුළුවන් තරම් ඇඩ් ක්ලික් කරන එක විතරයි.හොඳයි ඔය විදියට තමයි අපේ ගාන තවත් වැඩි කරගන්නෙ.මේ ලිපියටත් අනිවාරෙන් කමෙන්ට් පාරක් දන්න.ජොයින් වෙන්න අමතක කරන්න එපා.ක්ලික්සෙන්ස් එකට රෙජිස්ටර් වෙන්න ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න.එහෙනම් මැරයා ගියා.තව ලිපියකින් එන්නම්.       http://www.clixsense.com/

clixsense ගැන Part 03

  මේ ලිපියෙන් මම කියල දෙන්නෙ ක්ලික්සෙන්ස් ගිණුමට රෙෆරල්ස්ලව එකතු කරගන්නෙ කොහොමද කියල.ක්ලික්සෙන්ස් ගිණුමක් හදනහැටි දැනගන්න මේ ලිපිය කියවන්න.ඔයාල රෙෆරල්ස්ල නැතුව ඇඩ් ක්ලික් කරල දවසකට කීයක් විතර හොයනවද..?හරි..අපි ගණනය කරල බලමු

මයික්‍රො[0.001$] ඇඩ් 20ක් ක්ලික් කලොත් ආදායම = 0.02$
මිනි ඇඩ්[0.01$] 1ක් ක්ලික් කලොත් ආදායම      = 0.01$
ඇඩ් ක්ලික් කිරීමෙන් දිනකට උපයන මුදල          = 0.03$

  ඉතින් ඔයාලට දවසකට 0.03$ක් ඒකියන්නෙ රුපියල්3 සත9ක් හොයල ඇතිද? ..හා..හා..ඕකට බය.වෙන්න.එපා . මං කියල දෙන්නම් රෙෆරල්ස්ලව හොයාගෙන ඔය මුදල වැඩි කරගන්න හැටි.රෙෆරල්ස්ලව හොයාගන්න ක්‍රමකිහිපයක් තියෙනවා.අපි දැන් බලමු මෙනවද මේ ක්‍රම කියල.
  1.  ඔබගේ Affiliate ලින්ක් එක හැමකෙනාටම දී එමගින් රෙජිස්ටර් කරවීම.
  2.  ඔබගේ මිතුරන්ගේ ක්ලික්සෙන්ස් ගිණුමට invite කිරීම.
  3.  ගිණුමට අදාල බැනරය ඔබගේ අඩවිය තුළ ස්ථාපනය කර එම අඩවිය ප්‍රසිද්ධ කරවීම.
    ඔන්න ඔය විදියට තමයි රෙෆරල්ස්ලව එකතු කරගන්නෙ.පුළුවන් තරම් මහන්සි වෙලා රෙෆරල්ස්ලව එකතු කර ගත්තොත් ගොඩ.ෆේස්බුකියේ මිතුරන් අතර ඔය Affiliate ලින්ක් එක ප්‍රසිද්ධ කරල කොහොම හරි රෙෆරල්ස්ල 100ක් හොයා ගත්තොත් ඉතින් ඇති.අපි එහෙනම් බලමු රෙෆරල්ස්ල 100ත් එක්ක ඇඩ් ක්ලික් කරාම ලැබෙන මාසික ආදායම.

රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
                                                                                               =0.004

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.004 * 100
                                                                                                =0.4

රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත්          = 0.0010 * 2
                                                                                               =0.002

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.002 * 100
                                                                                                =0.2

මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව   = 0.4+0.2
                                                                                                                 =0.6

අපි දවසකට හොයන මුදල                                                                        =0.03

එකතුව                                                                                                      =0.6+0.03
                                                                                                                 =0.63

එතකොට මාසෙකට                                                                                  =0.63 * 30
                                                                                                                 =18.9

මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.

එතකොට
 18.9*125
=2362.5 Rs
  •  මේ ගානත් මදිද?එහෙනම් මේ ගාණ තව තවත් වැඩි කරගන්න හැටි ඊළඟ ලිපියෙන් බලමු.අදහස් ඔක්කොම කමෙන්ට් කරන්න.අමතක නොකර සයිට් එකට ජොයින් පාරකුත් දාන්න.

clixsense ගැන Part 02

   පළවෙනි ලිපියෙන් ක්ලික්සෙන්ස් ගිණුමක් හදන හැටි දැන ගත්තනෙ.එහෙනම් දැන් බලමු මේකෙ වැඩකරන්නෙ(සල්ලි හොයන්නෙ)කොහොමද කියලා.එහෙනම් ඔයාල හදාගත්ත ක්ලික්සෙන්ස් Account එකට Login වෙන්න...හරි දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගෙ ගිණුමේ සියලුම තොරතුරු.මේකෙ සල්ලි හොයන්න ක්‍රම කිහිපයක් තියෙනව.



  1. ඇඩ් ක්ලික් කරලා
  2. ක්ලික්ස්ග්‍රිඩ් තෝරලා
  3. Tasks කරලා
  4. රෙෆරල්ස්ලව එකතු කරගෙන
  ඔන්න ඔය හතරෙන් තමයි අපිට හොයන්න පුළුවන්.ගොඩක් අය නම් මේවැයින් කරන්නෙ ඇඩ් ක්ලික් කරන එක විතරයි.මොකද අනිත් ඒව කරන කොට ඔලුවෙ කැක්කුම හැදෙන නිසා.හොඳයි දැන් මම මේ ක්‍රම හතර ගැන විස්තර දෙන්නම්.
ඇඩ් ක්ලික් කිරීම

  මේක තමයි ප්‍රධානම දේ.ඔයාට කරන්න තියෙන්නෙ Veiw Ads කියන පිටුවට ගිහින් දැනට තියෙන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.එහෙම ක්ලික් කරාම එක ඇඩ් එකකින් ඔයාගෙ ගිණුමට 0.001$ක් එකතු වෙනවා.ඒ ඇඩ් දහයක් විතර ඔයාට ක්ලික් කරන්න පුළුවන්.ඒකියන්නෙ 0.01$ක්.මීට අමතරව ඔයාට 0.01$ ඇඩ් සහ 0.005$ ඇඩුත් එනවා.ඒවත් ක්ලික් කරාම ඇඩ් වලින් විතරක් දවසට 0.02$ විතර හෙව්වැහැකි.හැබැයි ඔයා මේ එක ඇඩ් එකක් ක්ලික් කරාම ආයි ඒ ඇඩ් එක ක්ලික් කරන්න පුළුවන් පැය 24කට පස්සෙ..!
                                                                    
                                                                    ක්ලික්ස්ග්‍රිඩ් තේරීම

  මොකක්ද මේ ක්ලික්ස්ග්‍රිඩ් කියල කියන්නෙ.ක්ලික්ස්ග්‍රිඩ් කියන්නෙ වාසනාව උරගා බැලීමක්.ක්ලික්ස්ග්‍රිඩ් කියන පිටුවෙ තියෙනව කෑලි සියයකට විතර වෙන් කරපු පින්තූරයක්.මේ පින්තූරෙ සමහර කෑලි යට සැඟවිලා තියෙනව මුදල් ත්‍යාග.ලොකුම මුදල් ත්‍යාගය තමයි 5$.ඔයාට දවසකට අවස්ථා 25ක් තියෙනවා.මේක තව ක්‍රමයක්.
                                                                      Task කිරීම

   ඔයාට පොඩිපොඩි වැඩ කරලත් මේකෙ හොයන්න පුළුවන්.ඇඩ් ක්ලික් කරල හොයනවට වැඩි ගානක් මේකෙන් හොයන්න පුළුවන්.මේකට නම් ටිකක් මහන්සි වෙන්න ඕනෙ.
                                           
                                                            රෙෆරල්ස්ලව එකතු කරගැනීම

  ඔයාට වැඩියෙන්ම මුදල් හොයන්න පුළුවන් රෙෆරල්ස්ලගෙන්.රෙෆරල්ස්ල කියල කියන්නෙ ඔයාගෙ ගිණුමට මුදල් හොයන අය.ඒ කියන්නෙ ඔයාගෙ රෙෆරල්ස් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන අය.කවුරු උණත් එයා රෙජිස්ටර් උනේ ඔයාගෙ ලින්ක් එකෙන්නම් එයා හොයන ගානෙන් 20% ඔයාටත් ලැබෙනවා.ඉතින් පුළුවන් තරම් ඔයාගෙ ලින්ක් එක ප්‍රසිද්ධ කරල රෙෆරල්ස්ලව හොයාගත්තොත් කල්ල මරේ.රෙෆරල්ස්ලව හොයන හැටි මම තව ලිපියකින් කියල දෙන්නම්.

  ඉතින් ඔන්න ඔය ක්‍රමවලින් තමයි සල්ලි හොයන්නෙ.මෙච්චර දේවල් කියල දීලත් නිකම් යන්න එපා.හිතට එන ඕනම අදහසක්,යෝජනාවක් හෝ චෝදනාවක් කමෙන්ට් කරල යන්න.කැමති නම් මේ බ්ලොග් එකට ජොයින් පාරක් දීල ෆලෝ කරල යන්න.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.

clixsense ගැන Part 01

    හොඳයි යාළුවනේ මම මේ ලිපියෙන් ඔයාට කියල දෙන්නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන්නෙ කොහොමද කියල.මම විශ්වාසවන්තව කියනවා මේක සම්පූර්ණ සත්‍යක්(මේ මැරයා කාටවත් බොරු දේවල් කියන්නෑ)ඔයාට මෙතනදි කරන්ට තියෙන්නෙ දවසකට ඇඩ් දහයක් විස්සක් විතර ක්ලික් කරල දාන එක විතරයි.එහෙම පුළුවන් ඔයාට සල්ලි හොයන්න.සමහරක් අයියල ඊරිසියාවට කියන කතා වලට ඔයා රැවටෙන්න එපා.මොකද මම කාවවත් බොරු කියල රවටන්න කැමති නෑ.එහෙම කරැයි කියල මට ඇති වැඩකුත් නෑ.මේ දේ 100% සත්‍යයයි කියල මම ඔප්පු කරල පෙන්නන්නම්.මේ පින්තූරය ක්ලික් කරන්න.

    හරි හරි දැන් කතාව ඇති අපි වැඩේ පටන් ගමු.ඔයාට මුලින්ම කරන්න තියෙන්නෙ ක්ලික්සෙන්ස් ගිණුමක් හදාගන්න.ඒක දාගන්න එච්චර අමාරු නෑ.හරියට ෆේස්බුක් එකක් හදනව වගේ තමයි.ගින්නකට තියෙන්නෙ මේ ගිණුම් හදන්න පුළුවන් එක සැරයයි..!මට ඉතින් කොහොම උණත් ඔයාට පුළුවන්ද කියල මං හරියටම දන්නෑනෙ.ඒක නිසා මේ වීඩියෝ එක බලලම ඉන්නකො.
   හරි දැන් කස්ටිය ක්ලික්සෙන්ස් ගිණුමක් හදාගන්න දන්නව ඇතිනෙ.ලින්ක් එක හොය හොයා ඉන්ට ඕන නෑ.මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා දැන්ම ක්ලික්සෙන්ස් ගිණුමක් හදාගන්න.මෙතනින් යන්න