අද කියන්න යන්නේ ටිකක් අමුතු වැඩක්.ඔයාල දන්නවනේ ජාලෙට සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ජාලය ඇතුලේ තමන්ටම කියලා ලිපිනයක් තියෙනවා කියලා.ඒක තමයි Internet Protocol නොහොත් IP කියන්නේ(වැරදි නම් නිවැරදි කරන්න හොදේ).උදාහරනයක් විදිහට අපි නිවසක ලිපිනයක් ගනිමු.අපි ඒක දන්නවනම් අපිට ඕන නම් ඔය ගෙදර ඉන්න එකාට දෙකක් තුනක් ඇනලා උනත් එන්න පුලුවන්නේ.(එතකොට උගේ ගමේ එවුන් ගෙන් ගුටි කන එක වෙන කථාවක් :P :P)ඒ වගේ තමයි අපි කාගේ හරි එක IP දන්නවනම් ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්.
මම කියලා දෙන්න යන්නේ ඔන්න ඔය අයි.ඵී. ලිපිනය හොයාගන්න එක ක්‍රමයක්.තව ක්‍රම ගොඩාක් තියෙනවා.නමුත් මට හිතුනා මේක ටිකක් පහසුයි කියලා.
හැබැයි ඉතින් මේක හොයාගත්තට ලංකාව ඇතුලත නම් පොඩි අවුලක් තියෙනවා.මොකද අපි අපේ මොඩම් එක හෝ රවුටරේ ඕෆ් කරලා ඔන් කරපු ගමන් අපේ අයි.පී. එක වෙනස් වෙනවනේ.දුක තමා.ඒක අපේ ජංජාල ජාලේ හැටි.අනිත් බොහෝ රට වල නම් එහෙම නෑ කියලා මම අහලා තියෙනවා.ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි කාට හරි මොකක් හරි වැඩක් දෙන්න යනවනම්(ලංකාව ඇතුලත) අපි එයාගේ අයි.පී එක හොයා ගත්තනම් එයා පරිගණකය වහන්න කලින් අපිට අපේ ඉතුරු වැඩ ටිකත් කරගන්න වෙනවා.
මෙහෙමයි. ඔයාලගේම වෙබ් අඩවිය භාවිතා කරලා මේක කරන්න පුලුවන්.(බ්ලොග් වල නම් බෑ).එහෙම නැත්තම් ඔය ඕන තරම් නොමිලේ වෙබ් අඩවි හදාගන්න දෙන අඩවි තියෙන්නේ ඒකක රෙජිස්ටර් වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.හැබැයි ඒක PHP ගොනු අප්ලෝඩ් කරන්න අවසර තියෙන එකක් වෙන්න ඕනේ.
උදාහරන-
www.t35.com
www.110MB.com
1-මෙතනින් මේ සඳහා අවශ්‍යය PHP ගොනුව(2 Kb) බා ගන්න.පොඩී ෆයිල් එකක්.
අහ්හ්..කියන්න අමතක උනානේ.මේ කියලා දෙන්න යන්නේ තමන්ගේම වෙබ් අඩවියක් නැති අයටයි.තියෙන අයට ඕන නම් එයාලගේ වෙබ් අඩවියේ වෙනම පේජ් එකක් විදිහට දාන්නත් පුලුවන් වගේම මේකේ කෝඩ් එක අරගෙන මුල් පිටුවෙම හන්ගන්නත් පුලුවන්.
2-දැන් තියෙන්නේ ඔය කියන නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවියක අපේ ගිනුමට අපි බාගත්ත Index.php කියන ගොනුව අප්ලෝඩ් කරන එක.
3-දැන් අපේ ගිනුම රෙජිස්ටර් වෙලා තියෙන ඩොමේන් එකට ගියම මෙන්න මේ විදිහට අයි.ඵී.එක පේනවා.ඒත් සමගම ඒ යන කෙනාගේ අයි.පී. එක අපේ ගිනුමේ වෙනම Text ගොනුවක තැන්පත් වෙනවා.අයි.පී.එකට අමතරව එයා අපු වෙලාව,කී සැරයක් ආවද,අවසානෙට ආවේ කීයටද මේ විස්තර ඔක්කොම අපිට ලබාගන්න පුලුවන්.
ඔයාලට තියෙන්නේ IP එක දැනගන්න ඕන කෙනාට ඔයාලගේ වෙබ් අඩවියේ ලින්ක් එක දීලා ඒකට යන්න කියන එක විතරයි.
ඕක ඔය තියෙන විදිහට ගෙඩිය පිටින්ම දාන්නේ නැතුව අපි මොකක් හරි පේජ් එකක් හදලා ඒකේ හන්ගලා දැම්මනම් ඕකට යන කෙනාට සැක හිතෙන්නේ නෑ.
නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවි ගැන වැඩිය දන්නේ නැත්තම් මේ වීඩියෝ ටික බලන්න.මේකේ තියෙන්නේ අර මම උදාහරන විදිහට කිව්ව අඩවි වලින් T35 කියන අඩවියේ ගිණුමක් ආරම්භ කිරීම,ගොනු අප්ලෝඩ් කිරීම වගේ දේවල්.දන්නේ නැත්තම් බලන්න.
Vedio Lesson
Vedio lesson
කියවලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ..තව මොනා හරි අවුල් තියෙනවනම් ඒවත් කොමෙන්ට් වල දාන්න.
4 comments:
Download karanna behene
upload කරපු ෆයිල් එකේ අවුලක්.ඉතා ඉක්මනින් විසඳුමක් දෙන්නම්.
phhhhhh.pickap wenawamawa........
mata gmail walata yanna ba menna mehema watenawa "This Connection is Untrusted" hethuwa dannawada?
thanks!
Post a Comment
දැක්වූ සහයෝගයට ස්තූතියි..!